Header Ads



කස්තුරි ගැන දන්නවාද...?

කස්තුරි .


ලෝකයේ ඇති වටිනා ම වාජීකරණ ඖෂධය කුමක් ද?

නිසැක ලෙස ම ඒ කස්තුරි ය.

ඖෂධය ලබා ගන්නේ කස්තුරි මුවන් වෙතින් ය.

මේ මුවන් ලෝකයේ සීමිත රටවල් කීපයක පමණක් ජීවත්වන අහිංසක ම සිවුපා වර්ගයකි. ඉන්දියාවේ හිමාල කඳු අතර හා කඳු ලඳු වනලැහැබ්වල ද තිබ්බත නේපාල ප්‍රදේශයන්හි ද මධ්‍යම ආසියාවේ වනදුර්ග ගිරිදුර්ගවල ද භූතානය හා රුසියාවේ ද උන් ජීවත් වෙති.

සාමූහික වශයෙන් රංචු ගැසීම හා සමූහයක් ලෙසින් ගැවසීමට පුරුද්දක් නැත. තනි තනිව ජීවත්වීම උන්ගේ සිරිත.ය. උපතේ සිට වසර දෙකතුනක් ගෙවුණු පසු උන් තරුණ වයසට එළඹෙති. තරුණ මුවන් සංසර්ගයට පෙලඹෙන වකවානුවේදී කස්තුරි බොහෝ සේ ගලාඑයි. නව යෞවන මුවන්ගේ කස්තුරිවල අති මිහිරි සුවඳ කාමෝද්දීපනයට රුකුලක් ලෙස සුළඟට මුසුවී එම සුවඳ පරිසරය පැතිරෙයි. මුව දෙන්නු එම සුවඳ ආඝ්‍රාණය වීමෙන් මෘගමද දරා සිටින සතා පසුපස හඹායමින් සංසර්ගයට පෙලඹෙති. මේ හේතුව නිසාම මුවන් යළි යළිත් සංසර්ගයට යොමු වීමෙන් කස්තුරි වන් ශූර ශුක්‍රාණු බහුලව ගලමින් එම සතාගේ නාභිය වටා බදාමයක් සේ බැඳී යයි. වසන්තයත් සමඟ පිබිදෙන මේ කාලවකවානුවේදී ඔවුනගේ කාමෝද්දීපන අවදිය බැවින් සංසර්ගයට තව - තවත් පෙලඹෙයි. සති කිහිපයකට පසුව පිරිමි මුවා ගේ නාභිය වටා එකතුවී ඝනවී පවතන ශුක්‍රාණු තරලය වියළීමට පත්වෙයි.

අමුතු බරක් එක්වූවා සේ මේ ශුක්‍රාණු නාභිය වටා කැසීමකට තුඩුදෙන බැවින් ගල්තලාවකදී ශුක්‍රාණු සහිත නාභිය අතුල්ලා උළා දමමින් එම ශුක්‍රාණු කඩා දමයි. එය කැබැලි ලෙසින් ගල්තලය මත විසිර යද්දී ඒ ගැන අවධානයෙන් හා විමසිල්ලෙන් සිටීමෙන් කස්තුරි එකතු කර ගත හැකි ය. මේ සතුන් ප්‍රියමනාප පෙනුමකින් යුතු අතර මසින් පිරුණ සිරුර වඩා උස් නොවේ. සාමාන්‍ය මුවන්ගේ උස් ප්‍රමාණයට වඩා අඩුය. අං තට්ටුවක් වශයෙන් නොමැත. හිසදරන්නේ පුංචි ම අං යුවළකි. පිටුපස වලිගයක් ද නොමැත. දැඟුලක් පමණ පුංචි ම නටුවක් ඇත.

අද කාලය වනවිට කස්තුරි නම් ඖෂධයේ වටිනාකම මිල කළ නොහැකිය. මුදල හා ධනය පසුපස ලුහුබඳින එම කස්තුරි මද එකතු කරන්නෝ මුවන් මරා හෝ ඒවා ලබා ගැනීමට පෙලඹෙති. එකවර රන්බිජු ලබා ගැනීමට රත්තරන් බිත්තර දමන කිකිළිය මැරුවා සේ මේ මුවන් මරා දැමීම අමනෝඥ ක්‍රියාවකි. එලෙස මෙම මුවන් මැරීමෙන් කස්තුරි ලැබීම ම කෙසේ වෙතත් ඒ වර්ගයාගේ බෝවීම වැළකී යාමෙන් ඖෂධ්‍ය ලොවට අහිමි වෙයි.

මේ අඩුව සපුරා ගැනීම සඳහා කෘත්‍රිම කස්තුරි නිෂ්පාදනය කිරීමට ඇතැම් රටවල් පෙළඹී සිටිති. එහෙත් එය සාර්ථක නැත. හොර බොරු වංචා රැවටිලි මේ වෛද්‍ය කර්මයට කෙසේවත් නොගැළපෙයි. එසේ කළහොත් එම ඖෂධ යෙදා කරන චිකිත්සාවන් ද අසාර්ථක වෙයි. කස්තුරි ලෙසින් නම් කරමින් කෘත්‍රිම නිෂ්පාදන සකස් කිරීමට ධානය වර්ග, යව තිරිඟු, බඩ ඉරිඟු, බෝංචි ඇට වියළා මූර්ණ‍කොට - එළු ඌරු බැටලු කිඹුල් සතුන්ගේ අක්මාවන් බැස කුඩුකර සැබෑ කස්තුරි ධාතුවට සම කරවීම සඳහා ගන්ධය වර්‍ණය හා පදාර්ථ එක්කර නිපදවීමට ඔව්හු සමත්වෙති.

පෙර ඍෂින්වහන්සේලාගේ ඉගැන්වීම්වලට එකඟවේ නම් අපගේ මේ ශ්‍රී ලංකා භූමියේදී කස්තුරිවලට සමකළ හැකි ධාතුවක් උරුලෑවා ගේ සිරුරේ පවතින බවක් ඉගැන්වේ. කස්තුරි මුවා ලෙසින්ම උරුලෑවා කියන සතාද වනාන්තරවලදී දැකීම ඉතා දුර්ලභ ය.

කස්තුරි යනු පිරිමි මුවන්ගේ සිරුරේ සියලුම ශක්තිය කැටි කළ දියරයකි. එය දිව්‍ය ඖෂධයකට සමාන ය. මහා බලගතු වාජීකරණ රසායනික ඖෂධ හා තෛල නිපදවීම සඳහා මේවා යොදා ගනී. අර්ශස් හා ඇදුම රෝගයේදී පෙණහලු ශක්තිමත් කිරීමට මනුෂ්‍යත්වයෙන් ගිලිහීයන තාරුණ්‍යය දිගුකලක් රඳවා ගැනීමට ආයුෂ වර්ධනයට මේ ඖෂධය ප්‍රයෝජනවත් ය. ශරීරය නැවත ප්‍රතිනිර්මාණය කරවීමේ විශේෂ හැකියාවක් මේ ඖෂධය තුළ රැඳී ඇත.

සුව කළ නොහැකි සියලුම රෝගයන්ට ප්‍රතිවාප කළ හැකි නම් ඒඩ්ස් හර්පීස් සුදු බිංදුම සෝම රෝගන්ට භාවිත කළ හැකි අතිඋතුම් ඖෂධයකි. එහි අඩංගුව ඇති ශක්තිබලය නිසා මරණාසන්න රෝගියකු පවා ජීවත් කරවීමට යොදා ගත හැකිය. ක්ෂය ‍රෝග දද කුෂ්ට හා ඇස් පෙනීමේ දුර්වලතා දුරුකිරීමට අමනුෂ්‍ය දොස් පලවා යැවීමට බලවත් වන අතර මන්දබුද්ධික දරුවන් ගොළු බිහිරි අන්ධ ළමා රෝග හදවත දුර්වලතා පෙණහලු රෝග නිසා ළමා සුවයට කස්තුරි ඉතා වටිනා ඖෂධයකි.

කස්තුරිකාය. ඇසට ප්‍රියයි. තිත්තයි. සුවඳයි කටුක රසයි. ශුක්‍ර වඩවයි. බරයි වීර්යය වඩයි. ක්ෂාර සහිත රසායනයි. සෙම, පීනස, ඇදුම, නාසයේ දුගඳ, මලබද්ධය, වාත, පිපාස වමන කාශ ස්වාස යන සියලුම විෂ දුර්ගුණ සමනය කරන ගුණ ප්‍රකාශිතයි. ස්වභාවික කස්තුරිවල පවතින පිංගල භාකෘෂණ (කළු සුදු එක්වූ වර්ණය) සුගතබව කටු තිත්ත බව මෘදුබව වන් ලක්ෂණ කෘත්‍රිම කස්තුරිවල ද පවතින නිසා ස්වාභාවික කස්තුරි යැයි හඳුනා ගත යුතු නොවේ. ඈත අතීතයේ සිට නියම මෘගවද හඳුනා ගැනීමට ක්‍රම කිහිපයක් තිබුණි. පිරිසිදු වතුර බඳුනකට (මෘගමද = කස්තුරි) මිලිග්‍රෑම් දාහක් පමණ දැමූවිට එය දිය නොවී පවතී ද ජලයේ - ස්වභාවය නොවෙනස්ව පවතී ද එය නම් නිවැරදිව කස්තුරි වෙයි. දෙවැනි ක්‍රමය ගිනි ගැන්වූ විට නොපිළිස්සී පවතී නම් තද නොවී දියවී බුබුළු නැගේ නම් එය ස්වාභාවික මෘගවද වන්නේය. තවත් ක්‍රමයකට නිවැරදිතාව තහවුරු කිරිමට මහපොළවේ වළලා තබා ගොඩගත් කල එහි තිබෙන සුවඳ හා පැහැය නොවෙනස්ව පවති නම් එය ස්වභාවික කස්තුරි ම වන්නේය. කස්තුරි මල්ලිකා කස්තුරි මෘර්ගාන්ඩජ කස්තුරිකා කස්තුරි මෘර්‍ගමද යනුවෙන් නම් කරන්නේ කස්තුරිමයි.

මේ මහඟු ඖෂධය සිය නිවසේ සුරක්ෂිතව තිබේ නම් ශ්‍රියාකාන්තාව නිවහනේ වැඩසිටුනා සේය. වාසනාව ළඟාවූවාසේ සැප සම්පත් බහුල වෙයි.

දළ දෙකක් සහිතව කෙටි අං හා පිරුණු මසින් යුතු කස්තුරි මුව පොව්වා කාබන්ඩයින්, ට්‍රයින්කුයින්, හස්කස්, වෙරිකෝසර්සියන් හා සයිබීරියන් ලෙසින් හඳුන්වයි. හෘදය උත්තේජන කරන බලයක් ඇති බැවින් මේ ඖෂධය අමාවක් වන්නේය. මොළයේ විකෘතිතා, මස්තිස්කයේ දුර්වලකම් පක්ෂාඝාතය මීමැස්මොරය හා උන්මාද වැනි මානසික රෝග අවස්ථාවලදී ප්‍රයෝගකර සුවය ලබා දීමට එකඟ වන්නේය.

මුල් හිමිකරුට ස්තූතියි ...


 Share කරන්න

 

No comments