Header Ads



අනාවැකි කියන කුරුල්ලෝ

 

"කළු කූඹි නිවෙස තුළට බිත්තර රැගෙන එන්නේ නම්, දිමි­ගොටු කල­බලේ පිළි­ස­කර කරන්නේ නම් වැස්ස ළඟ එන බව අපේ පාර­ම්ප­රික දැනුමේ පැවැ­තිණි. කෙසේ වෙතත් මෙයා­කා­ර­යෙන් පාර­ම්ප­රික දැනුමේ පැවැති බොහෝ දේ එම පර­ම්ප­රා­වල සාමා­ජි­ක­යින් සම­ඟම මැකී යෑම කන­ගා­ටු­වට කරු­ණක් නොවෙද?"


අනා­වැකි කියන කුරුල්ලෝ


අවට පරි­ස­රයේ ගහ­කොළ සතා සීපා­වුන් දෙස බලා දේශ­ගු­ණික සහ කාල­ගු­ණික විප­ර්යාස පිළි­බඳ අනා­වැකි පළ කිරීමේ සුවි­ශේෂ හැකි­යා­වක් අතී­තයේ පටන්ම අපේ මිනි­සුන් තුළ විය. මේ හැකි­යාව බොහෝ කොට ප්‍රයෝ­ජ­න­වත් වූයේ ගොවි­තැ­නේ­දීය. ඒ හැරුණු විට වෙනත් දෛනික කට­යු­තු­ව­ල­දීත්   ප්‍රයෝ­ජ­න­වත් නොවු­ණාම නොවේ. අවට පරි­ස­රය නිරී­ක්ෂ­ණය කර­මින් අනා­වැකි පළ කිරීමේ මේ කියන්නා වූ දැනුම හුදෙක් ශ්‍රී ලංකාවේ පම­ණක් නොව රට­ ර­ට­වල අනා­දි­මත් කලක සිට පැවත එන්නකි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ මේ සම්බ­න්ධව පව­තින දැනුම් පද්ධ­තිය ද සුවි­ශේෂී එකකි. අපේ ගොවි ජන­තාව එදා පටන්ම ගොවි­තැන් කිරී­මට හුරු පුරුදු වූයේ පරි­ස­රය පිළි­බඳ විම­සුම් ඇස­කිනි. එහෙත් පසු කලෙ­කදී එය අවි­ද්‍යා­ත්මක මත­යක් ලෙස සල­ක­මින් බට­හිර විද්‍යා­වෙන් බැහැර කර­න්නට විය.    


කෙසේ වෙතත් 1980 දශ­ක­යේදී පටන් මෙම පාර­ම්ප­රික දැනුම Phenology නමින් නව විද්‍යා­වක් ලෙස දියුණු කොට ඇත. ‘Phenology’ යනු ‘Phenomenology’ (සංසිද්ධි විද්‍යාව) යන වච­න­යෙන් කෙටි කොට ගත්තකි. විශේ­ෂ­යෙන්ම මේ පාර­ම්ප­රික ඥානය ඉව­හල් කර­ගත් දැනුම වැඩි­ දි­යුණු කිරී­ම­ටත් නව නිරී­ක්ෂණ මඟින් එම දැනු­මට අලු­තින් යමක් එක් කර ගැනී­ම­ටත් 1980 දශ­කයේ මැද භාගයේ සිට ඇම­රිකා එක්සත් ජන­ප­දය ජාතික මට්ට­මෙන් මෙන්ම ප්‍රාදේ­ශීය මට්ට­මෙන් ද ප්‍රය­ත්න­යක් දරනා බව කිව යුතු ය. එහෙත් ශ්‍රී ලංකාව තුළ තව­මත් එවැ­න්නක් පිළි­බඳ ලකුණු පහළ වී නැත. 


කෙසේ වෙතත් මෙම විද්‍යා­වට අදා­ළව දීර්ඝ කාලීන පර්යේ­ෂණ සහ නිරී­ක්ෂණ මත සනාථ වූ කරුණු බැහැර කළ යුතු නැති අතර ඒවා­යෙන් ඵල ප්‍රයෝ­ජන ගත හැකි මාර්ග­යක් විවර වීම ද වඩා වැද­ගත්ය. මෙවන් සංසිද්ධි සලකා බැලී­මේදී ඒවා­යෙන් සම­හ­ර­කට විද්‍යා­ත්මක කරුණු පැහැ­දිලි කිරී­මක් ලබා දිය හැකි මුත් ඇතැම් සිද්ධීන් හඳු­නා­ගත හැක්කේ අපේ දැනු­මෙන් ඔබ්බට ගිය සංසි­ද්ධීන් ලෙසය. 


සැප්තැ­ම්බර් මාසයේ මැද ශ්‍රී ලංකා­වට සංක්‍ර­ම­ණය වන පක්ෂීන් අතර දැකිය හැකි අළු හැල­පෙන්දා (Grey Wagtail) අවට පරි­සයේ සැරි­ස­රනු දකින විට ගොවීන් අනු­මා­නය කරන්නේ සති දෙක තුනක් ඇතු­ළත වැසි ලැබෙන බවය. ඒ අනු­මා­නය නිවැ­රැදි බව හඟ­ව­මින්ම පක්ෂි­යාගේ සැරි සැරී­මෙන් සති දෙක තුනක කාලය තුළ සංව­හන වැසි ආරම්භ වන බව අත් දුටු සත්‍ය­යකි.   


අතී­තයේ ගොවි­යන් පිළිගත්තේ රන් ඔලෙ­යි­යන් (Pacific Golden Plover) ඉප­නැල්ලේ දැකී­මෙන් හැඟ­ වෙන්නේ පුර­න් කෙ­ටී­මට කාලය බවයි. එහෙත් මෙම රන් ඔලෙ­යියා ස්වරූ­ප­යෙන් සහ ශරීර වර්ණ­යෙන් කැස්ව­ටු­වාට සමාන බැවින් මෙම පක්ෂීන් දෙව­ර්ගය පට­ලවා ගත් ඇතැම් ගොවීන් කියා සිටියේ කැස්ව­ටු­වන් කුඹුරේ ඉප­නැල්ල මැද සිටින විට එය වැස්ස ළග එන බවට සංකේ­ත­යක් බවත්, පුරන් කෙටී­මට කාලය පැමිණ ඇති බවත්ය. කැස්ව­ටු­වාට දිග හීන් හොටක් ඇති අතර රන් ඔලෙ­යි­යාට ඇත්තේ කෙටි හොටකි. ස්වරූ­ප­යෙන් තර­මක් සමාන වූවත් එම පක්ෂීන් දෙව­ර්ගය වෙන්කොට හඳු­නා­ගත හැකි යම් යම් වෙන­ස්කම් පෙන්වා දිය හැකිය. අම්පාර ප්‍රදේ­ශයේ මෙම පක්ෂි දෙව­ර්ග­යම දැක­ගත හැකි අතර බොහෝ ගොවීන් ඔවුන් වෙන්කොට හඳුනා ගැනී­මේදී අස­මත් වීම හේතු­වෙන් කියා සිටියේ කැස්ව­ටු­වන් කුඹුරේ ඉප­නැල්ල මැද සිටින විට එය වැස්ස ළඟ එන බවට සංකේ­ත­යක් බව වුවත් එම මතය සත්‍ය වූයේ රන් ඔලෙ­යි­යන් සම්බ­න්ධ­යෙනි.    


සංක්‍ර­ණික පක්ෂීන් ශ්‍රී ලංකා­වට පැමි­ණෙන්නේ වට කිහි­ප­ය­කට වන අත­රට හැම විටම පුර­න් කෙ­ටීම සම්බන්ධ අනා­වැකි හා සම්බන්ධ වන්නේ දෙවැනි වටයේ පැමි­ණෙන පක්ෂීන්ය. සාමා­න්‍ය­යෙන් එම පක්ෂීන් පැමි­ණෙන්නේ සැප්තැ­ම්බර් මාසයේ මැද වන විට වුවත් ඇතැම් වර්ෂ­වල සැප්තැ­ම්බර් මුල හෝ තර­මක් පසුව පැමි­ණෙන අවස්ථා ද දැක­ගත හැකි ය. කෙසේ වෙතත් එම සංක්‍ර­ම­ණය වීමේ කාල­යත් සමඟ වර්ෂාව බොහෝ­විට සම­පාත වීමක් දැක­ගත හැකි ය. 


වැහි­ලි­හි­ණියා මෙහිදී වැඩි අව­ධා­න­යක් හිමි කර­ගන්නා පක්ෂි­යෙකි. වැහි­ලි­හිණි විශේෂ කිහි­ප­යක් වෙතත් අපේ ජන­ප්‍ර­වා­දයේ වැස්ස රැගෙන එන බවට සඳ­හන් වන්නේ ‘Barn swallow’ නම් වැහි­ලි­හි­ණියා සම්බ­න්ධ­යෙනි. මේ වැහි­ලි­හිණි සංක්‍ර­ම­ණය වන්නේ සංව­හන සුළං ධාරා අව­සන් වන, නැත­හොත් මෝසම් වැසි ඇරැ­ඹෙන කාලය වන විට ය. එබැ­වින් වැහි­ලි­හිණි වැසි රැගෙන එන බවට ජන­ප්‍ර­වා­දයේ එන කිය­මන වියළි කලා­පය සම්බ­න්ධ­යෙන් බොහෝ­දු­රට සනාථ වේ. එම පක්ෂි විශේ­ෂය බොහෝ විට සංක්‍ර­ම­ණය වන්නේ නැඟෙ­න­හිර සංක්‍ර­ම­ණික පක්ෂියකු බැවින් තෙත් කලා­ප­යේදී දකි­න­වාට වඩා කලි­යෙන් වියළි කලා­පයේ දී බොහෝ­ විට දැක ගත හැකිය. ග්‍රාමීය මෙන් ම නග­රා­ශ්‍රි­තව සිදු කරන ලද අධ්‍ය­ය­න­ය­න්ගෙන් පවා පෙනී යන්නේ වැහි­ලි­හිණි ඉහළ අහසේ පියෑ­ඹීම, වැස්ස ළග එන බවට පැහැ­දිලි සංකේ­ත­යක් බවය.  


සංක්‍ර­ම­ණය වීමෙන් මාස කිහි­ප­ය­කට පසු මේ දිව­යි­නෙන් නික්මෙන වැහි­ලි­හි­ණියා නික්මී­මට මත්තෙන් පිහාටු හලා අලුත් පිහාටු ලබා­ගැ­නීම ද විශේ­ෂ­ත්ව­යකි. පිහාටු හැලීම කලින් සිදු­ වු­ව­ හොත් නික්මීම ප්‍රමාද වේ. පිහාටු හැලීම ප්‍රමාද වුව­ හොත් නික්මීම කලින් සිදු වේ. ඒ අනුව පිහාටු හැලීම ප්‍රමාද වී සිදු­වන, එනම්  නික්මීම කලින් සිදු වන වර්ෂ­ය­න්වල වැසි කලින් ලැබෙනු ඇත. මෙකී සම්බ­න්ධ­තාව රන් ඔලෙ­යි­යා­ගෙන් ද පුංචි වැලි ඔලෙ­යි­යා­ගෙන් ද දැකිය හැකි ය. පුංචි වැලි ඔලෙ­යි­යාගේ පැමි­ණී­මත් වර්ෂා­වත් අතර සම්බන්ධ  වන්නේ ඊශාන දිග මෝස­ම­ටය. එම පක්ෂියා ද පිහාටු හලා ගිම්හාන සෘතු වර්ණය ලබා­ගන්නේ ශ්‍රී ලංකා­වේ­දීය. පුංචි වැලි ඔලෙ­යියා ගිම්හාන සෘතු වර්ණය කලින් ලබා­ග­ත­හොත් ඉදි­රි­යට එන්නේ පෑවි­ල්ලකි. මේ පෑවිල්ල තුළ පක්ෂියා සංක්‍ර­ම­ණය නොවී ගිම්හාන සෘතු වර්ණ­යේම සිටී. ගිම්හාන සෘතු වර්ණය ගන්නේ මාර්තු මාසය පමණ වන විට නම් මාර්තු අග වන විට එම පක්ෂීන් නික්මෙන අතර, අප්‍රේල් මස මුල වන විට ම බක්මහ වැසි ද පැමිණේ. අපේ ජන­ප්‍ර­වා­දයේ වැලි ඔලෙ­යියා පිළි­බඳ විශේ­ෂ­යෙන් සඳ­හන් නොව­න­මුත් රන් ඔලෙ­යියා, වැහි­ලි­හි­ණියා, අළු හැල­ැම්පෙන්දා පිළි­බඳ කියැවේ. ඒ හැරුණු විට කහ හැලැ­ම්පෙන්දා සහ වන හැලැම්­පෙන්දා ද පැමි­ණෙන්නේ වැස්සත් සම­ඟය. ශ්‍රී ලංකා­වට සංක්‍ර­ම­ණය වන නිල් කුරු­මිණි කුරු­ල්ලාට ද වර්ෂාව හා පැහැ­දිලි සම්බ­න්ධ­තා­වක් ඇත. 


ඇතැම් ගොවීන් තුරි­ත­යන්ව ‘මන්දා­රම් ලිහිණි’ යනු­වෙන් හඳුන්වා දෙන්නේ නොදැ­නු­ව­ත්කම හේතු­වෙනි. තුරිත විශේෂ 5 ක් ශ්‍රී ලංකා­වේදී හමු­වන අතර එයින් විශේෂ තුනක් සම්බ­න්ධ­යෙන් වියළි කලා­පයේ ගොවීන් පව­සන පරිදි, මන්දා­ර­ම අහසේ දැකිය හැකි බවට වන කිය­මන සත්‍ය වන බව පැහැ­දිලි කර­ගත හැක. කැදලි තුරි­තයා, කළු තුරි­තයා, මහ තුරි­තයා සැරි­ස­රන්නේ ඉහළ අහ­සේය. වර්ෂා­වක් කිට්ටු වන විට ඇති වන අව­පී­ඩන කලා­ප­යත් සමඟ මෙම පක්ෂීන් පහ­ළට පැමිණේ. මෙම පක්ෂීන් පහ­ළින් සැරි­ස­රනු දකින ගොවියා වැසි ළඟ එන බව දැක ගොවි­තැන් වැඩ නවත්වා නිවෙස බලා යෑමට සැරසේ. ශ්‍රී ලංකා­වට ඔක්තෝ­බර් මාසයේ පමණ සංක්‍ර­ම­ණය වන දුඹුරු මාරාවා නැත­හොත් දුඹුරු මැසි­මා­රාවා (Brown flycatcher) පිළි­බඳ අපේ ජන­ව­හරේ සඳ­හන් නොවේ. එම පක්ෂියා සාමා­න්‍ය­යෙන් ශ්‍රී ලංකාවේ සිටින කාල­යේදි (සාමා­න්‍ය­යෙන් ඔක්තෝ­බර් සිට මාර්තු අග දක්වා) උදෑ­සන සහ හවස් කාලයේ නාද කරයි. ඒ හැරුණු විට වෙනත් වේලා­වක ශබ්ද කළ­හොත් අඩ පැයක්, පැයක් ඇතු­ළත ආසන්න කලා­ප­යට වැස්සක් ඇද­හැ­ලෙන බව නම් නොඅ­නු­මාන ය. ජන­ප්‍ර­වා­ද­යට අනුව මයිනා හඳු­නා­ගත හැක්කේ කාල­ගුණ විප­ර්යාස හා බැඳුණු තවත් සුවි­ශේෂී පක්ෂි­යෙකු ලෙසිනි. මයිනා සාමා­න්‍ය­යෙන් ඇවි­දින විට බොහොම කන්ක­ලුව නාද කරන අතර හිටි හැටියේ කල­බ­ල­යෙන් එම කන්කලු නාද­යට වෙනස් වූ ශබ්ද­යක් නඟන්නේ නම් දෙපැ­යක් ඇතු­ළත වර්ෂා­වක් ඇද­හැලේ. 


පක්ෂීන් හැරුණු විට අව්වැසි පිළි­බඳ අනා­වැකි පළ කරන තවත් සත්තු ඇත. මත්ස­්‍යයන් සම්බ­න්ධ­යෙන් සලකා බැලී­මේදී කාව­යියා සහ කනයා වැස්සක් ඇති වීමට මත්තෙන් වෙනස් සහ තර­මක් කල­බ­ල­කාරී හැසි­රී­මක් පෙන්වන බව හඳු­නා­ගත හැකිය. එසේ ම වැසි සමය එළැ­ඹෙ­න්නට මත්තෙන් ශ්‍රී ලංකා­වට බත්කූරු සංක්‍ර­ම­ණ­යක් ද සිදු වන්නේ වැසි සමය පිළි­බඳ ඉඟි ලබා­දෙ­මිනි. මෙවැනි සොබා­වික සංසි­ද්ධීන් පිළි­බඳ දිගින් දිග­ටම අධ්‍ය­ය­නය කිරීම තුළ නව දැනුම ළඟා කර­ගත හැක්කේ වස විසෙන් තොර ගොවි­තැ­නට පළ ­ප්‍ර­යෝ­ජ­න­වත් වන අන්ද­මිනි.    


කළු කූඹි නිවෙස තුළට බිත්තර රැගෙන එන්නේ නම්, දිමි­ගොටු කල­බලේ පිළි­ස­කර කරන්නේ නම් වැස්ස ළඟ එන බව අපේ පාර­ම්ප­රික දැනුමේ පැවැ­තිණි. කෙසේ වෙතත් මෙයා­කා­ර­යෙන් පාර­ම්ප­රික දැනුමේ පැවැති බොහෝ දේ එම පර­ම්ප­රා­වල සාමා­ජි­ක­යින් සම­ඟම මැකී යෑම කන­ගා­ටු­වට කරු­ණක් නොවෙද? අතී­තයේ ගොවීන් ගොවි­තැන් කළේ, රට බත­බු­ල­තින් සශ්‍රීක කළේ සොබා­ද­හමේ ගති ලකුණු අනුව කල්යල් බලා පාර­ම්ප­රික දැනුම උප­යෝගී කර­ග­නි­මින් මිස, කෘෂි රසා­ය­නික ද්‍රව්‍ය­ව­ලට පින් සිදු වන්නට නම් නොවේ. අධි­රා­ජ්‍ය­වාදී ආක්‍ර­ම­ණ­යන්ට මත්තෙන් ස්වදේ­ශි­ක­යන් තුළ වූ පාර­ම්ප­රික ඥානය ගොවි­තැ­නේදී බහු­ලව යොදා ගත් බව පොත පතෙහි ද සඳ­හන් වේ. අතීත හෙළ­ගො­වියා පුර­න්කො­ටන සෘතුව හඳු­නා­ගත්තේ සතුන්ගේ හැසි­රී­මෙනි. ගහ­කොළ මල්ව­ලින් ඊ ළඟ සෘතුව හඳුනා ගත්තේ ය. අද ඒ සියල්ල අපේ වැඩි­හිටි පර­ම්ප­රා­වල අව­සන් පුරුක් සම­ඟින්ම අභා­ව­යට යමින් පවතී. කෙසේ වෙතත් පිළි­ගත යුතු සත්‍ය නම් මෙය නව පර්යේ­ෂණ සහ අධ්‍ය­ය­න­යන් මඟින් තව­දු­ර­ටත් වැඩි­දි­යුණු කළ යුතු විද්‍යා­වක් බවය. 


පරි­ස­ර­වේදී නීතිඥ ජගත් ගුණ­ව­ර්ධන මහතා විසින් සංක්‍ර­ම­ණික පක්ෂීන් සහ සංසිද්ධි විද්‍යාව අලළා සිදු කරන ලද පර්යේ­ෂ­ණ­යක් මුල් කර ගනි­මින් දැක්වූ අද­හස් ඇසු­රෙන් මෙම ලිපිය සැකැ­සිණි.

dinamina.lk



No comments