Header Ads



හොල්මන් පිරුණු දික්කන්ද වලව්වට ගියෙමු | Dikkanda walawwa

 


මෙම දික්කන්ද වලව්ව පිහිටලා තියෙන්නේ යක්කල කිරිඳිවැල 231 මාර්ගයේ දික්කන්දත් වතුරුගමත් අතර. යක්කල නගරයේ සිට සැතපුම් 6 විතර ආ විට දික්කන්ද හංදිය මුණගැසෙනවා. දික්කන්ද හංදියෙන් පටන්ගන්නා මෙම විශාල වතුයාය වතරුගම පිංවත්ත හංදියතෙක් කිලෝටීටරයකට වැඩි දුරක් එකදිගට විහදෙනවා .අක්කර 330 කපමණ විශාල පොල් වත්තක් වෙන මෙය පිංවත්ත හංදියට යනතෙක්ම වැට දිගටම තියෙන්නේ පැරණි කොස් ගස් වැටියක්. වත්ත හරි මැද පිහිටි කන්දේ තමා මේ වලව්ව පිහිටා ඇත්තේ. මේ වලව්ව වත්ත පාමුලට හෝ 231 පාරට හෝ ඒ අවට කිසිම තැනකට පේන්නේ නැහැ. විහාල පොල් ගස් යාය නිසාත් වෙනත් ගස් කොළං නිසාත් වලව්ව බලා ගන්න හරිම අමාරුයි. එහෙත් ඉතාමත් සොදිසියෙන් බැළවොත් යන්තමින් මේ වලව්ව බලාගන්න පුළුවන්.. 


නමුත් වතුරුගම හංදියෙන් මිරිස්වත්ත හංදියට යන පාරේ හමුවෙන වෙල් යායවල් ළගදී මේ වලව්ව මනාව දැක ගන්න පුළුවන්. ඒත් කි. මී. 4 පමණ ගොඩාක් ඈතින්. තව මාළිගාතැන්න හා පෙට්ටන්ගල කන්දටත් මෙය යන්තමින් දැක ගන්න පුළුවන්.දැනට මේ වත්තේ කොටසක් කුකුල් ගොවිපලක් ලෙස පවත්වාගෙන යනවා. කාමර 100 ක් පමන ඇතැයි කට කතාවට කියනවා. කොහොම නමුත් මේ තරම් ඇතට මේ වලව්ව පේන්නේ එහ ඉතා විශාල නිසයි . ඔබේසේකර පවුලට අයත්ව තිබුණු මේ වලව්ව දැනට කාට අයිති දැයි දන්නේ නෑ. රජ ගෙදර පරවියෝ කියන චිත්‍රපටය මේ වලව්වේ රූගත කල බවට කියවෙනවා.

ඉතින් අපිට හම්බුන පොටෝ ටිකක් දැම්මා ඔයාලට බලාගන්න 


















වීඩියෝ එකක් හම්බුණා ඒකත් බලන්න


No comments