Header Ads



උදෑසන මුළුතැන්ගෙට ඇතුල් වූ සැණින් ගෑස් ලිප දල්වන්න එපා ✋


උදේ පාන්දර නැගිට්ට හැටියේ මුලුතැන්ගෙට ගිහින් තේ හදන අම්මලා/අක්කලා /නංගිලාටයි මේ කියන්නේ..


දිනක් අපිට තරුණියක් රැගෙන ආවා. දරුණු පිළීස්සීමකට ලක්වූ ඇය දුටුවිට අපිටත් එය බලන්න බැරි තරම් ශෝචනීය වූවා. ඇය ඒ තරමට වේදනාකාරීව සිටියා.

ඇයත් උදේන්ම නැගිට සුපුරුදු පරිදි ගියේ මුලුතැන් ගෙයටයි.  මුලුතැන් ගෙය කලුවරව තිබුන හෙයින් ඇය මුලින්ම විදුලි බල්බය පත්තු කරා. 

එවිට ඇතිවූ විශාල පිපීරීමෙන් ඇය දරුණුවට පිළිස්සී ගියා.

ඇත්තටම ඇයට කුමක්ද සිදුවූයේ? ඔබත් එය සිතන්නට  ඇති. 

එය සිදුවූයේ මෙළෙසයි.

එම මුලුතැන් ගෙයි විදුලි බල්බය දල්වන ස්වීචයේ විදුලිය කාන්දුවීමක් තිබුනත් ඔවුන් එය එතරම් සැළකිල්ලකට ගත් බවක් පේන්නට නැහැ.

එදින ඇය නොදැණුවත්වම මුලුතැන්ගෙයි ගෑස් කාන්දුවක් වී  ඇති අතර, ඇය විසින් දැල්වූ විදුලියේ කාන්දු විම හේතුවෙන් එය බෝම්බයක් සේ පිපිරී ගොස් ඇත.

70% කට වඩා ඇය පිළිස්සී තිබුණා. එම නිසා ඇතිවූ  ආසාධිත කම්පන තත්ත්වයෙන් ඇය අවාසනාවන්ත ලෙස අවසන් සුසුම් හෙලුවා.

ඒ නිසා ඔබ මේ පිළිබදව දැඩි අවධානයක් යොමු කරන්න. ගෑස් ලිප් නිවැරදිව භාවිතා කර මෙම අවධානම නැති කරන්න පුලුවන්.

උදෑසන මුළුතැන්ගෙට ඇතුල් වූ සැණින් ගෑස් ලිප දල්වන්න එපා...

ඔබේ මුළුතැන්ගෙයි තිබෙන ගෑස් උඳුන ගෑස් උඳුන ගැන කතා කරන විට ඊට සම්බන්ධවූ තවත් උපකරණ කීහිපයක් ගැන ඔබ සැලකිලිමත් විය යුතුයි.

උඳුනට ගෑස් සපයන සිලින්ඩරය ගැන ඔබේ සැලකිල්ල කෙබඳුද?

ගෑස් පිරවූ සිලින්ඩරය නිසි පරිදි ගබඩා කිරීම අත්‍යාවශ්‍යයි. ගෑස් සිලින්ඩරය ගබඩා කර තැබීමේදී එය කිසිවිටෙක පහතට හරවා ඇලකොට හෝ බිම දිගා කොට නොතැබිය යුතුයි. එය සැමවිටම කෙළින් අතට සිටුවා තැබිය යුතුයි. එමෙන්ම එය පහසුවෙන්  ඉවත් කර හැකි, එහා මෙහා කිරීමට පහසු තැනක නිදහස්ව ගබඩා කර තැබිය යුතුයි.

ඔබ මුළුතැන්ගෙට ගියවිට ගෑස් උඳුනෙන් ගෑස් සුවඳක් නික්මෙනවා නම් කිසිවිටක ලිප දල්වන්නට එපා. වහාම ඔබ උඳුන පාවිච්චි කිරීම නවතා දමන්න.

වහාම එය හිස් අවකාශය ඇති තැනකට ගෙන යන්න. එහි යම් දෝෂයක් සිදුවී ඇත්නම් එය නැවත යථා පරිදි සකස් කරගෙන මිස කිසිවිටක උඳුන නැවත භාවිතා නොකරන්න.

විදුලියට සම්බන්ධ ස්වීච් හෝ වයර් තිබෙන තැන ගෑස් ලිප තැබීම සුදුසු නැහැ. හදිස්සියේවත් විදුලි කාන්දුවක් සිදුවුණොත් එමඟින් විශාල පිපුරුමක් පවා සිදුවිය හැකියි. 

නිතිපතා ඉවුම් පිහුම් කටයුතුවලින් පසුව ගෑස් ලිප හොඳින් පිරිසිදු නොකළොත් තෙල් ඉඳුල් පැල්ලම් වැටී එය ඉතාමත් ඉක්මනින් දිරා යන්නට පුළුවන්. එවැන්නක් සිදුවූ විට ඔබට එය භාවිතයෙන් ඉවත් කර දැමීමට සිදුවෙනවා. 

එලෙසම සෑම දෙයක් වාගේම මෙහිද ප්‍රමිතිය සහ ගෑස් උදුනට සම්බන්ධ වන බට ආදී භාවිතා කල යුතු කාළයක් තිබෙනවා. ඒවා නිවැරදිව පවත්වා ගැනීමටනම් භාවිතා කල යුතු කාලවකවාණුව ඉවත් වූ පසු ඒවා අලුත් කල යුතුය. එම බට සම්බන්ධ වන සෑම තැනකින්මද ගෑස් කාන්දු වීමක් තිබිය හැකි බැවින් නිවැරදිව සවි කරන්න. නිතර අධික්ෂණය කරන්න.


ගෑස් උදුනක් භාවිතා කිරීමේ වඩාත්ම වැදගත් අහිතකර සාධකය වන්නේ එය හානිකර කාබන් මොනොක්සයිඩ් විමෝචනය කිරීමයි. වර්ණ රහිත හා ගන්ධ රහිත බැවින් කාබන් මොනොක්සයිඩ් විමෝචනය හඳුනාගත නොහැක.


කාබන් මොනොක්සයිඩ් විමෝචනයට නිරාවරණය වීමෙන් කරකැවිල්ල, හිසරදය, ඔක්කාරය හා වමනය ඇති විය හැක. පිසීමේදී ඔබට මෙම රෝග ලක්ෂණ කිසිවක් අත්විඳින්නේ නම්, ඔබේ උදුනෙන් පිටවන විෂ සහිත කාබන් මොනොක්සයිඩ් ආශ්වාස කිරීම එයට හේතු වීමට බොහෝ දුරට ඉඩ ඇත. 

කාබන් මොනොක්සයිඩ් විෂ යැයි ඔබ සැක කරන්නේ නම් කුමක් කළ යුතු දැයි දැන ගන්න...


වහාම නැවුම් වාතය ලබා ගන්න - දොරවල් සහ ජනෙල් විවෘත කරන්න

ඕනෑම ගෑස් උපකරණ ක්‍රියා විරහිත කර මීටරයේ වායුව නිවා දමන්න

ගිනිදැල් නිවා දමන්න.

නිවසින් පිටවෙන්න.

වහාම ඔබේ වෛද්‍යවරයා හමුවන්න හෝ රෝහලට යන්න - ඔබ කාබන් මොනොක්සයිඩ් විෂ යැයි සැක කරන බව ඔවුන්ට දන්වන්න

කිසියම් අනතුරක් ඇතැයි ඔබ සිතන්නේ නම් හදිසි උපකාරක දුරකථන අංකයට අමතන්න.


ගෑස් උදුනක් ඇති මුළුතැන්ගෙයි ගිනි නිවන උපකරණයක් ළඟ තබා ගැනීම අනුමතය. ගින්න නිවා දැමීමට ජලය භාවිතා කළ යුතු බව බොහෝ දෙනා විශ්වාස කරන මිථ්‍යාවකි. කෙසේ වෙතත්, ඔබේ මුළුතැන්ගෙයහි ගිනි උපද්‍රව්‍යයක් ඇති වුවහොත් ගින්න නිවා දැමීමට හොඳම ක්‍රමය ජලය නොවේ. ඔබ භාවිතා කළ යුත්තේ ගිනි නිවන උපකරණයක් පමණි.


ඔබේ ගෑස් උදුනෙහි දැල්ල ප්‍රසන්නවූ නිල් පැහැයක් විය යුතුය. එහි කහ හෝ තැඹිලි ගිනිදැල් වලින් අදහස් වන්නේ ඔබ ඔබේ ගෑස් උපකරණය පරීක්ෂා කර ගත යුතු බවයි. ඔබ දුමාර හෝ කළු සලකුණු හෝ අවට හෝ ගෑස් උපකරණ පැල්ලම් දැකිය හැකිය.  


භාවිතා කල පසු ගෑස් ලිප කරාමයෙන් ඉවත් කර තබන්න. 

ඔබ උදෑසන අවදිවූ වහාම මුළුතැන්ගෙට පැමිණෙන්නේ කොයිතරම් හදිසියකින්දැයි අප හොඳින්ම දන්නවා. 


නමුත් උදෑසන මුළුතැන්ගෙට ඇතුළු වූ සැණින් කිසිවිටෙකත් එකවර ගෑස් ලිප දල්වන්නට එපා. ඔබ මුලින්ම කළ යුත්තේ මුළුතැන්ගෙයි දොර ජනෙල් ඇර දැමීමයි. එයින් විනාඩි පහක් හෝ දහයක් පමණ ගතවන තුරු ගෑස් ලිප පත්තු නොකිරීම ඉතාම සුදුසු පිළිවෙතයි. ඒ කාලය තුළ ඔබ ලිප හා ඒ අවටින් ගෑස් සුවඳක් නැගෙන්නේ දැයි පරීක්ෂා කරන්නටත් අමතක කරන්නට එපා. මෙය ඉතාම ආරක්ෂාකාරී පියවරක්.


ඔබ ඉතා ලිහිල් හෝ ඉක්මනින් ගිනි ඇවිලෙන සුලු  ඇඳුම් අඳින්නේ නැති බව සහතික වීමත් වදගත්. කාන්තාවන් තම හිසකෙස් බැඳ තැබිය යුත්තේ ආහාර පිසීමේදී ආරක්ෂිත වීමටයි

ආරක්ෂිත සංඥා ස්ථාපිත කිරීමද ආරක්ෂිත පියවරයකි.

අලුතින් ඉදිකරන ලද නිවාස බොහොමයක් දුමාර අනතුරු ඇඟවීම් සහ ගිනි නිවීමේ ආරක්ෂක යාන්ත්‍රණයන්ගෙන් සමන්විත වේ. ඔබගේ නිවස මෑත වසරවලදී මිලදී ගෙන හෝ ඉදිකර නොතිබුණි නම්, ඔබට මෙම ආරක්ෂිමත අංග ස්ථාපනය කර ගැනීමට ආරක්ෂිත පියවරකි.


මෙවැනි ආරක්ෂාකාරී පියවර ගැනීමෙන්, සිදුවිය හැකි අවාසනාවන්ත අනතුරු රැසක් වළක්වා ගත හැකියි.

එසේම පිළිස්සීමෙන් අනතුරු වූු විට විනාඩි 20 ක් වත් වතුර ප්‍රතිකාරය ලබා දී පැමිණීමෙන් රෝගියා බරපතල තත්ත්වය පත්වීම වළක්වාලිය හැකිය.

මා ඔබේ 

පුෂ්පා රම්‍යානි සොයිසා 

ජාතික පුහුණු කිරීමේ නිලධාරිණී -

No comments