Header Ads



නොලද ප්‍රේමය

 සුදූ අපි බදිමුද....?



එයාගෙන් හැමදාම ඇහෙන ප්‍රශ්ණේ... ඒත් කවදාවත් මට උත්තර දෙන්නත් බැරිම ප්‍රශ්නේ තමා ඒක..
අයියේ තව ටික කාලයක් ඉවසන්න බෑද මන් ගෙදරින් කැමැත්ත ගන්නකල්..
හැමදාම තමුසේ ඕකනේ කියන්නේ මොකද්ද ඕයි මෙකේ තේරුම මේ සැරේ මට ගෙදරින් බලන එකීට බෑ කියන්න බැරි වෙයි මතක තියගන්න..
අනේ සුදූ චුට්ටක් ඉවසන්නකෝ..
ඒ අපේ ආදර කතාවේ අන්තිම දෙබස.. මට අපේ ගෙදර කැමති කරගන්න බැරි උනා.. එයාට මන් වැරැද්දක් කියන්නෑ ඒත් මං මගේ ආදරෙන් පැරදුනා.. විහින් පැරදුනා.. එයා බැන්දා ලොකු වෙඩිමක් අරන් ගමටම කියලා.. මං ඇඩුවා ගොඩක් ඒත් මගේ කදුලු වලට අයියව අමතක කරන්න බෑ කියලා මට තේරුනා.. පොලොන්නරුවේ මායිම් ගම්මානෙක ඉදන් කොන්ක්‍රීට් පිරුණු කොළඹට එන්න හිතුවේ මේ හැමදේම අමතක වෙයි කියලා..

අම්මේ මට කොළඹ ජොබ් එකක් හම්බුණා.. අව්ලක් නෑ අනුත්තරා වැඩ කරන්නෙත් එතනම තමා.. බෝඩිම් දෙනවලු කන්න එලියෙන් ගන්න වෙනවා.. හරි හරි හරි හා හා හා හා..... අම්මගේ උපදෙස් ... මන් එලියට බැස්සා මේ ගහකොල මන් දිහා බලන් හිනා වෙනවා ඇති.. අපි එකට ඇවිදපු තැන් වල මතක හැම එකක්ම මේ පරිසරයෙම තියලා මන් යන්න තීරනය කලා...
කොළඹ .. හිතන තරම් ලේසි නෑ.. සුපර් සෙන්ටර් එකක කැශියර්... අම්මෝ හැමදාම සල්ලි ශෝට්... මේක කරන්න බෑ බන්.. මාව මේකෙන් එලියට ගනින් නැත්තම දමලා ගහලා එලියට යනවා... එලියට ආවා තමා.. අම්මෝ නිවාඩුම නෑ.. නිවාඩු මොකටද.. කාත් එක්ක මොනවා කරන්නද...
ඉමෝ මිස් කෝල් එකක්... කව්ද මේ... ඒක ගියා දුර දිග... කොළඹ වැඩ කරන කොල්ලෙක්.. හම්බුණා කතාකරා.. ම්ම්ම්ම්ම්ම් එච්චරයි ... ලව් එකකුත් නෑ.. මන් එයාට ඇත්තම කිව්වා හැබැයි.. පස්සෙ අපි ගියා බොරලැස්ගමුව පාක් එකට නිදහසක් දැනුනා ගොඩක්... ම්ම්ම්ම්ම්ම්....

දවසක් කෙල්ලෙක් කතා කරා.. අම්මෝ බැනුම් කෝටියයි.. බලද්දී අරූගේ කෙල්ල.. ආදරේ මට එපාම උනා.. හැමෝම බොරුකාරයෝද.. ආයෙත් මන් හිටපු තැනමයි.. ඒ අස්සේ ඩෙංගු හැදුනා.. ගෙදර ගියා.. පරණ මතක ඒ විදියමයි.. සති දෙක තුනකින් ආයේ කොළඹ ගියා..
කාලය ගෙවුණා.. එදා මට කෝල් එකක් ආවේ ගමේ කෙල්ලෙක්ගෙන්.. ඒක මන් අහපු නරකම ආරංචිය.. මගේ ඉන්දික අයියා ට්‍රැක්ටරේ පෙරලිලා ඒකට යටවෙලා මේ ලෝකෙන් සදහටම යන්න ගිහින්.. මන් ඇඩුවා.. මට එයගේ මූණ අන්තිම පාරටවත් බලන්න වෙන්නෑ.. තවත් මට කොළඹ ඉන්න ඕන්නෑ.. මන් ගමට ආවා... එයගෙ සොහොනට ගිහින් පහනක් පත්තු කලා.. අපි කොහොම ජීවත් වෙන්න ප්ලෑන් කලාද අයියේ...

මේ සුලගෙ ඔයා ඉන්නවා කියලා මන් දන්නවා... ගමේම ජොබ් එකක් හම්බුණා ... අදටත් මන් එයාගේ මතකෙන් ජීවිතේ ගෙවනවා...
නිමි.


මේක ඇත්තම කතාවක්...
හොදයිනම් ශෙයාර් කරන්න...
කතෘ අයිතිය සුරකින්න..

No comments