Header Ads



ලංකාවේ වැඩිම subscribersලා ඉන්න Youtube Channel 10

 Most subscribed youtube channels in sri lanka 


Youtube Channel නම් ලංකාවේ දැන් වැහිවහලා හැමෝටම එකක් තියෙනවා.. ඉතින් හැමෝම කරන්නේ දැන් subscribe හිගාකන එක.. තමන්ගේ හැකියාවෙන් සල්ලි හම්බකරන එක තමා ලොකුම දේ.. ඉතින් අද අපි කතා කරන්නේ ලංකාවේ වැඩිම subscribersලා ඉන්න youtube channel ටික ගැන..

1. TV Derana


ලංකාවේ ප්‍රසිද්ධ ජනමාධ්‍යක් වන දෙරණ ටී.වී.ආයතනය තමා ලංකාවේ වැඩිම subscribersලා ඉන්න youtube channel එක. දෙවනි ඉනිම,සංගීතේ වගේ ටෙලිනාට්‍ය ලංකාවේ වගේම පිටරට ඉන්න ලාංකිකයොත් බලන නිසා මේක එක වෙන එක පුදුමයක් නෙවෙයි..

මෙතනින් යන්න ⏩⏩


2.Ape Amma


උයන්න පිහින්න youtube එකේ වීඩියෝ හොයන අයනම් මේයාව නොදැන ඉන්න විදියක් නෑ.. කෑමක් උයන පිහින විදිය ගැන සිංහලෙන් දැනගන්න පුළුවන් මේ channel එකට ගියානම්...

මෙතනින් යන්න ⏩⏩


3.Handiworks


ලෝකේ වැඩියෙන්ම අන්තර්ජාලය පාවිච්චි කරන්නේ ගැහැණු අය කියනවනේ.. මේකත් ඒ වගේ තමා ලංකාවේත් වැඩිම subscribersලා ඉන්නේ ගැහැණු අයට විශේෂ youtube channel වල.. මේකෙනම් කියලා දෙන්නේ මැහුම් ගෙතුම් කරන විදිය ගැන..

මෙතනින් යන්න ⏩⏩


4.Hiru TV 


මේකත් ලංකාවේ ප්‍රසිද්ධ ජනමාධ්‍ය ආයතනයක youtube channel එකක්.. TV එකේ යන හැමදේම මේකෙත් දාන නිසා subscribersලා වැඩිවෙන එක කියන්න දෙයක් නෑ 🤪🤪

මෙතනින් යන්න ⏩⏩ 


5.Swarnawahini TV

මේකත් ලංකාවේ ප්‍රසිද්ධ ජනමාධ්‍ය ආයාතනයක youtube channel එකක්.. උඩ කිව්ව එකම තමා ආයෙත් කියන්න තියෙන්නේ 

6.wasthi Production වස්ති
 
අනුශ්ක උදාන එක්ක දුලාජ් ජයතිලක එක්ක එකතු වෙලා හදපු වස්ති ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ අතර වැඩියෙන්ම ජනප්‍රිය youtube channel එක තමා මේ.. ඕනම වීඩියෝ එකක් දවසින් trending one ගන්න පුලුවන් කට්ටියක් තමා මේ.. ලංකාවේ හැමෝම youtube channel පටන් ගන්න හේතුවක් උනේ මෙයාලා කිව්වත් හරි
මෙතනින් යන්න ⏩⏩

7.Ada Derana
දෙරණ නාලිකාවේ news channel එක විදියට තමා මේක හදුන්වන්න පුලුවන්.. දෙරණ News අනික් ඒවට වඩා ජනප්‍රිය නිසා subscribersලා ගාන වැඩිවෙන එක අහන්නත් දෙයක්ද...
මෙතනින් යන්න ⏩⏩ 

8.Hiru News
මේකත් හිරු TV එකේ news channel එක.. අපෙ මිනිස්සු නිව්ස් කොහොමත් බලනවනේ.. ඒක නිසා මේ ලිස්ට් එකේ තියෙන එක පුදුමයක් නෙවෙයි..
මෙතනින් යන්න ⏩⏩ 

9.Newsfirst Sri Lanka
TV channel එකට වඩා නිව්ස් චැනල් එක ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ සිරස TV එකේ නිව්ස් චැනල් එක තමා මේක..
ලංකාවේ මිනිස්සු නිව්ස් බලන්න හරි කැමතී කියලනම් ඔයාලට තේරෙනවනේ
මෙතනින් යන්න ⏩⏩ 

10.Ratta 
රතිදු සේනාරත්න එහෙම කිව්වම දන්නේ නැති උනාට රැට්ටා කිව්වමනම් දැන් ඕන කෙනෙක් දන්නවා.. පැය විසිහතරකට කලින් ඕන වීඩියෝ එකක් ට්‍රෙන්ඩිං ලිස්ට් එකට් ගන්න මෙයා හෙන දක්ශයා.. අනිත් හැම චැනල් එකකම crew එකක් හිටියට මෙයාගේ චැනල් එකේනම් අපිට පේන්න ඉන්නේ මෙයා විතරයි.. concept එහෙම වස්තිලට වඩා හොදයි කියලා තමයි දැන්නම් හැමෝම කියන්නේ
මෙතනින් යන්න ⏩⏩ 

ඉතින් මීටත් වඩා ලිස්ට් එක බලාගන්න ඕන්නම් මේතන click කරන්න..
  

  

  











No comments