Header Ads



කුණුදිය පව්වේ ඉතිහාසය

ශ්‍රී පාදේ ගිහිල්ලා තියෙන ඕන කෙනෙක් මේ කන්දනම් අනිවා දැකලා ඇති.. අනිත් කදුවල මුදුන ත්‍රීකෝණාකාරව පිහිටලා තිබ්බත් කුණුදිය පව්ව එහෙම නෑ.. ඉතින් අපි ඒ ගැන හොයලා බැලුවා.. මේක ෆේස්බුක් එකේ සමනල කන්ද රසික එකමුතුව කියන ගෘප් එකේ තිබ්බේ.. කියවලා බලන්නකෝ කතාව..

පුරවෘත වලට අනුව එකල සමනල අඩවියේ තිබුණු උසම කන්ද මෙම කුණුදිය පර්වතයයි. එම නිසා සමන් දෙවියන් විසින් බුදු රජාණන්වහන්සේට ශ්‍රී පාද ලාංඡනය මෙම පව්වේ පිහිටුවන්න කියලා ආරාධනය කර තිබෙන බවට පැවසේ. නමුත් බුදු හිමියන් මේ කන්දට වැඩම කල අවස්ථාවෙහි එහි දිය පොකුණක මියගිය සතෙකුගේ මළසිරුරක් තිබීම හේතුවෙන් එහි ශ්‍රී පාද ලාංඡනය පිහිටු වීම ප්‍රතික්ෂේප කර තිබුනි. එහිදී සමන් දෙවියන්ට ඇති වූ සිත් වේදනාව හේතුවෙන් කඳු මුදුනට පා පහරක් ගැසීම නිසා කන්දේ ඉහළ කොටස කඩා වැටී මෙවැනි හැඩයක් නිර්මාණය වුනා යැයි පැවසේ. කුණු වූ මළසිරුරක් දිය පහරක තිබූ නිසා කුණුදිය පව්ව/ කුණුදිය පර්වතය ලෙස නම පටබැඳිනු බවට ජනප්‍රවාද වල පැවසේ.



කුණුදිය පර්වතය ගැන මීට වෙනස් ජනප්‍රවාදයන් අසා ඇත්නම් පහලින් සටහනක් තබන්න.

No comments