Header Ads



පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හතරකට ජනාධිපති කොමිසම නඩු දාන්න යයි. කව්ද බලන්න 👇👇

 

‍සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු, නලින් බණ්ඩාර, ජේ.සී අලවතුවල සහ මයන්ත දිසානායක යන අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසම තීරණය කර තිබේ.

එහි සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා සඳහන් කර ඇත්තේ එම මන්ත්‍රීවරුන්ට එරෙහිව කොමිසමට අපහාස කිරීමේ සහ එහි ආධිපත්‍යට බලපෑම් කිරීමේ චෝදනා යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළ බවය.

ඊට ආදළව ප්‍රකාශ ලබාගැනීම සඳහා එම මන්ත්‍රිවරු සිව්දෙනාට කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කර ඇති බවද සඳහන් වේ.

හරීන් ප්‍රනාන්දු, ජේ. සී. අලවතුවල, මයන්ත දිසානායක සහ නලින් බණ්ඩාර යන මහත්වරුන් විසින් ජනාධිපති කොමිසමට අපහාස වන ආකාරයට මාධ්‍යට ප්‍රකාශ නිකුත් කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ගොනු කර ඇති බව එම කොමිසමේ උසස් නිලධාරියෙකු සඳහන් කළේය.

කොමිසන් සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ස්ථාපිත මෙරට යුක්තිය පසදලීමේ ක්‍රියාවලියට හා මෙරට ස්වාධීන අධිකරණ පද්ධතියට අභියෝගයක් වන පරිදි කටයුතු කරන බව එම මන්ත්‍රීවරුන් ඊයේ අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

මේ අතර දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමේ කාලය ලබන 23 වැනිදා දක්වා දීර්ඝකරන ලෙස කොමිසමේ සභාපතිවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකර ඇති බවද සඳහන් වේ.

අද දෙරණ පුවත්

No comments