Header Ads



අවුරුද්දට ඩොලර් එකක් පඩිගන්න ෆේස්බුක් ලොක්කා - මාක් සකර්බර්ග්

 


මාක් සකර්බර්ග් යන නම නොදන්න කෙනෙක් නැති තරම් නේද...? ෆේස්බුක් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වන්නේ ඔහුයි.එහෙත් ඔහුගේ වැටුප වර්ෂයකට ඩොලර් එකක් වැනි සුළු අගයක් ගන්න බව ඔබ දන්නෙහිද? 


2013 දක්වා ඩොලර් 770,000ක් වූ ඔහුගේ වාර්ශික වැටුප හා දීමනා ඔහු විසින්ම කපාහැරිය අතර එහෙත් ෆේස්බුක් සමාගම සතු බොහෝ කොටස් ප්‍රමාණයක් ඔහු සතුව පවතින නිසා වර්ශයකට ඔහු දළ වශයෙන් ඩොලර් බිලියන 15ක් පමණ උපයනවා.

ඔහුගේ ආදායම ගැන තොරතුරු බිදක්..

🔴 2012 වර්ශයේ සිට තම වත්කම සෑම වර්ශයකම ඩොලර් බිලියන 9කින් වැඩි කරගැනීමට ඔහු සමත්ව ඇත.

🔴 ලෝකයේ ධනවත්ම පුද්ගලයන් අතර ඔහු තෙවන ස්ථානයේ පසුවෙයි.ඔහුගේ වත්කම ඩොලර් බිලියන 105කි.

🔴 ඔහුගේ පැයක ආදායම ඩොලර් මිලියන 1.7කි එනම් රුපියල් කෝටි 31කි.

🔴 ඔබගේ මාසික වැටුප රුපියල් 40,000ක්නම් ඔහු ඔබගේ වැටුප මෙන් දෙගුණයක් තත්පරයක් තුලදී උපයයි.

🔴 ඇමරිකානුවන් සියළුම දෙනාට ඩොලර් 100 බැගින් ප්‍රධානය කලද ඔහුගේ වත්කම භාගයක් ඉතුරු වනු ඇත.

🔴 ඔහුගේ වත්කම ශ්‍රී ලංකාවේ දළ දේශීය නිශ්පාදනයට වඩා වැඩිය.

🔴 ධම්මික පෙරේරාගේ වත්කමට වඩා 190 ගුණයක් ඔහුට වත්කම් ඇත.

No comments