Header Ads



ශ්‍රී ලංකාව සැබෑ මැණිකක් - බ්‍රිතාන්‍ය ප්‍රකෝටිපති නැතෑනියෙල් රොත්ස්චයිල්ඩ්

 


ඉකුත් 12 වැනිදා මෙරටට පැමිණි බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ පෙළේ ධනපතියකු වන නැතෑනියෙල් රොත්ස්චයිල්ඩ් ඔහුගේ සංචාරය පිළිබඳව ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

"ඉලෙක්ට්‍රොනික් නිශ්පාදන ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ යෝග්‍යතාව පිළිබඳව දැනගැනීම සදහා පැමිණි ගමන අවසන් කළා.ඒ ගමන අවසන් කර ආපසු පැමිණියේ ශ්‍රී ලංකා රජය ගැන කොවිඩ් - 19 වසංගතයට දක්වන ප්‍රතිචාර වගේම මට හමුවුණු ව්‍යාපාර අවස්ථා ගැන විස්මයට පත්වෙලා. ශ්‍රී ලංකාව කියන්නේ විශිෂ්ඨ අනාගතයක් තියෙන සැබෑ මැණිකක්" යනුවෙන් ඔහු එහි සටහන් කර ඇත.




මාලදිවයිනේ සංචාරයක් නිමා කිරීමෙන් පසු ඔහු ඉකුත්දා තම පෞද්ගලික ජෙට් යානයෙන් මෙරටට පැමිණියේය.නැතෑනියෙල් රොත්ස්චයිල්ඩ් දරුවන් සිව්දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වේ.ඔහු විශාල පරාසයක විහිදුණු ජාත්‍යන්තර ව්‍යාපාර කිහිපයක හිමිකරුවෙකි.
මෙම සංචාරය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද්දක් වන අතර එය ව්‍යාපාරික අරමුණු පදනම්ව සංවිධානය කරන ලද සංචාරයක් බව වාර්තා වේ.
උපුටාගැනීම මව්බිම 2021 ජනවාරි 22 සිකුරාදා පුවත්පතිනි.

No comments