Header Ads



ජෙනරාල් ධූරයට උසස්වීම් ලද ශවේන්ද්‍ර සිල්වා ගැන නොදන්න දේවල්

 


1964 ජූනි 22 වන දින මාතලේදී උපත ලැබූ ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මුලින්ම අධ්‍යාපනය ලැබුවේ අනුරාධපුර ශාන්ත ජෝශප් විද්‍යාලයේය.ඉන්පසු මාතලේ විජය විද්‍යාලයේ හා මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේදී සිප්සතර හැදැරුවේය. ඔහු ශාන්ත තෝමස් විදුහලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා මෙන්ම පළමු ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයද දැරීය.ශිෂ්‍යභට බලකායේ සැරයන්වරයෙකු වූ ඔහු බටහිර සංගීත කණ්ඩායමේ නායකයාද විය.

ඔහු 1984 මාර්තු 5 වන දින ශ්‍රී ලංකා යුද හමුදා 19 වන කැඩෙට් නිලධාරී බඳවා ගැනීම හරහා ශ්‍රී ලංකා හමුදාවට බැඳුණු ඔහු මූලික නිලධාරි පුහුණුව අවසන් වූ පසු, 1985 නොවැම්බර් 16 වන දින ඔහු ගජබා රෙජිමේන්තුවේ දෙවන ලුතිනන්වරයෙකු ලෙස ලුතිනල් කර්නල් විජය විමලරත්න යටතේ පත්වීම් ලැබීය.

ගජබා රෙජිමේන්තුවේ පලමුවන වන බලඇණියට (1වන ගජබා)අනුයුක්තව සිටි ඔහු විශේෂ සේවා කණ්ඩායමේ ප්ලැටූන් කමාන්ඩර් ලෙස පත් කරන ලද අතර පසුව ඔහු කමාන්ඩෝ පුහුණුවෙන් පසු කමාන්ඩෝ රෙජිමේන්තුවට මාරු විය. 1987 දී ඔහු මේජර් ගෝඨාභය රාජපක්ෂගේ අණ යටතේ වඩමරාච්චි මෙහෙයුමට සහභාගී විය.

1995 දී රිවිරැස මෙහෙයුමේදී පාබල බලඇණියක් අණ දුන් ලාබාලම අණදෙන නිලධාරියා බවට පත්විය. 1995 සිට 1998 දක්වා ඔහු ගජබා රෙජිමේන්තුවේ 1, 5 සහ 8 වන බලඇණි වල අණදෙන නිලධාරියා ලෙස සේවය කළේය. 2002-2004 සාම සාකච්ඡා අතරතුර ඔහු ඒ -9 ප්‍රධාන සැපයුම් මාර්ගය විවෘත කිරීම සඳහා සාකච්ඡා සඳහාද සහභාගී වී කැපීපෙනෙන සේවාවක් කර ඇත.

2005 දී ඔහු නිලධාරි ශිෂ්‍යභට අංශයේ අණදෙන නිලධාරියා ලෙස ශ්‍රී ලංකා හමුදා ඇකඩමියට මාරු කරනු ලැබීය. ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයෙන් උපාධිය ලබා ඇති ඔහු යුද හමුදා මූලස්ථානයේ හමුදා ලේකම් ශාඛාවේ මාණ්ඩලික නිලධාරියෙකු ලෙසත්, සැලසුම් අධ්‍යක්ෂ කාර්යාලයේ, පුහුණු අධ්‍යක්ෂ කාර්යාලයේ සහ ආරක්ෂක හමුදා මූලස්ථානය - යාපනයේ කාර්ය මණ්ඩල නිලධාරියෙකු ලෙසත් සේවය කර ඇත.

මානුශීය මෙහෙයුම හෙවත් හතරවන ඊලාම් යුද්ධය නැවත ආරම්භ වීමත් සමඟ ඔහු ගුවන් ජංගම බළකායේ බ්‍රිගේඩ් අණදෙන නිලධාරියා බවට පත්විය එහිදී 2006 අගෝස්තු මාසයේදී ඔහු මුහමාලෙයි හි ඉදිරි ආරක්ෂක මාර්ග අල්ලා ගැනීමට උපකාරී විය. ඉන්පසු ඔහු 58 වන සේනාංකයේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කරමින් මන්නාරම් සහල් බඳුන, වෙඩිතලතිව්, නච්චිකුඩා, මුලංගාවිල්, ඩෙවිල්ස් පොයින්ට්, පූනරින්, කිලිනොච්චි, පරන්තන්, අලිමංකඩ, ධර්මපුරම්, විශ්වමඩු, සුවන්දිපුරම්, තෙවිපුරම්, පුතුකුඩිඉරිප්පු, පුතුමාතලන්, වෙල්ලමුල්ලූ වයික්කාල් සහ එල්ටීටීඊයේ අවසාන කොටස මුලතිව් දිස්ත්‍රික්කයේ නන්දිකඩාල් කලපුව දක්වාම ඔහුගේ විශිෂ්ට සේවාව යුද්ධයේ අවසානය තෙක්ම නොඅඩුව ලැබුණි.

2010 දී එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිතයා ලෙස තානාපති තනතුර හෙබවූ ඔහු 2015 දක්වා සේවය කළේය.

එතුමා ජාතික ආරක්ෂක විද්‍යාලයේ උපාධිධාරියෙකු වන අතර හාවඩ් විශ්ව විද්‍යාලයේ ජාතික හා ජාත්‍යන්තර ආරක්ෂාව පිළිබඳ පාඨමාලාවක් හැදෑරූ අතර එක්සත් ජනපදයේ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් පිළිබද පුහුණුව ලබා ඇත. ඔහු එක්සත් ජනපදයේ ක්වන්ටිකෝහි මැරීන් කෝප්ස් යුද විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙසද සේවය කර ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ආපසු පැමිණි පසු ඔහු යුද හමුදා මූලස්ථානයේ විධායක ජෙනරාල් ලෙස පත් කරන ලදී. 2019 ජනවාරි මාසයේදී ඔහු හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කරන ලදී.

2019 අගෝස්තු 21 වන දින ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ලුතිනන් ජෙනරාල් නිලයට උසස් කරමින් ඔහුව යුධ හමුදාපති ධූරයට පත්කරන ලදී. ඔහු හමුදාපති ධූරයට පත් ගජබා රෙජිමේන්තුවේ පලමු නිලධාරියායි.

2020 ජනවාරියේදී ලුතිනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කරන ලද අතර ඊට සමගාමීව යුද හමුදාපති ලෙස සේවය කරමින් සිටියි.

2020 පෙබරවාරි 14 වන දින, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව, 2009 දී නීති විරෝධී මිනීමැරුම් වැනි මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳ චෝදනා මත ශවේන්ද්‍ර සිල්වාට හා ඔහුගේ පවුලේ අය සමඟ එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කළේය.

වර්තමානයේ කොවිඩ් මර්ධන කාර්ය සාධක බලකායේ ප්‍රධානියා වශයෙන් මෙන්ම යුධ හමුදාවේ කීර්තිමත් වසර 34ක සේවාවකින් යුක්තව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් උසස් කෙරුණු ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට අපි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු..

කතෘ අයිතිය සුරකින්න 🙏🙏

No comments