Header Ads



රසම රස චිකන් බුරියානි එකක් ගෙදරදීම හදමුද - සිංහලෙන් දැනගන්න

 


🔴 අවශ්‍ය ද්‍රව්‍ය :-

බාස්මති හාල් 1kg
කුකුල් මස් 750g
වම්බටු 150g
කැරට් 150g
අල 150g
රට ලූනූ 150g
කජූ ටිකක් (කැමැත්ත පරිදි )
ඉගුරු/සුදු ලූණූ තලා ගන්න
තම්බා ගත් බිත්තර 08
යෝගට් 01
බිරියානි මසාල පවුඩර් මේස හැදි 2ක හමාරක්
ගී/බටර් හෝ කැමති තෙල් වර්ගයකින් මේස හැදි 2 ක්




🔴 සාදන ආකාරය...
මුලින්ම කුකුල් මස් ටික හොදට හෝදලා ඒකට මිරිස් කුඩු ටිකක්, කහ කුඩු ටිකක්,තලාගත්ත කරදමුංගු කරාබු නැටි ටිකක්, ගම්මිරිස් කුඩු චුට්ටක් බුරියානි මසාල මේස හැදි දෙක හමාරක් යෝගට් එක ‍රස අනුව ලුනු දාලා හොදට අතගාලා පදම් වෙන්න පැය භාගයක් විනාඩි 45ක් කාලයක් තියන්න.( පදම් වෙනවා කියන්නෙ ලුනුඇබුල් උරාගන්න )

කැරට්,අල ,වම්බටු, රට ලුනූ සාමාන්‍ය පොඩි කෑලි කපන් ගැබුරු තෙලේ බැදගන්න...
ඒ ටික බැදගෙන ඉවර වෙලා කජු ටිකත්,තම්බාගත් බිත්තර ටිකත් බැදගන්න...( කජු හැර අනිත් ටික බැදගන්න කලින් කහ ස්වල්පයක් දාලා අතගාන්න.)

බාස්මති හාල් ටික හොදට හෝදලා විනාඩි 15ක් විතර වතුරේ පෙගෙන්න හරින්න...
භාජනයක් ලිපේ තියලා ගී, බටර්,වෙජිටබල් ඔයිල් හෝ තමන් කැමති ඕනෑම තෙල් වර්ගයක් අවශය ප්‍රමානයට දාලා රත් වෙන්න හරින්න.තෙල් ටික හොදට රත් උනාම තලාගත් ඉගුරු සුදු ලූනූ ටික දලා රන්වන් පාට වෙන්න බැදීගෙන එනකොට පදම් වෙන්න අයින් කරපු චිකන් ටික දාලා වහන්න.විනාඩි 10ක් විතර චිකන් ටික තෙලෙන් තැම්බෙන්න තියන්න...

විනාඩි 10කට පස්සේ ඒකට වතුර දාන්න.. ( බත තැම්බෙන්න අවශය පරිදි වතුර දාන්න) වතුර එකෙන් චිකන් ටික තැම්බෙන්න දෙන්න පැය භාගයක් වගේ... චිකන් එක තැම්බුනාට පස්සේ චිකන් කෑලි ටික අයින් කරගන්න....

සෝදල පෙගෙන්න තියලා අයින් කරපු හාල් ටික චිකන් එක අයින් කරපු වතුර එකට දාගන්න.බත බෙරි නොවෙන්න උයා ගන්න...
අයින් කරගත්ත චිකන් කෑලි ටික ගැබුරු තෙලේ බැදගන්න..
බත හොදට ඉදුනට පස්සේ වෙන භාජනයක් අරන් ඒකේ අඩියට බත් තට්ටුවක් දාන්න...
ඊට උඩින් බැදගත්‍ත කජු ලූනූ අල කැරට් වම්බටු ලේයර් එකක් දාගන්න... මේ විදියට ආයේ බත් තට්ටුවක් බැදපු කජු කැරට් වම්බටු තට්ටුවක් විදියට ලේයර් කරගන්න.. අන්තිමට බැදපු චිකන් ටික උඩින් ම තියලා දෙහි පෙති කීපයක් මාලු මිරිස් කැබලි කිපයක් අතුරලා බිත්තර ටිකත් තියාගන්න.
ඒ භාජනය වහලා අඩු ගින්දරේ විනාඩි 15ක් තියාගෙන කෑමට ගන්න.....



No comments