Header Ads



PCR පරීක්ෂණ සදහා දිනකට කෝටි තුනක වියදමක්, මසකට කෝටි 200 පනී

 PCR පරීක්ෂණ සදහා දිනකට කෝටි තුනක්



ශ්‍රී ලංකාවේ දිනක් තුල සිදුකරන PCR පරීක්ෂණ සදහා රුපියල් කෝටි තුනකට අධික ප්‍රමාණයක් වැයවන බව මේ ඉරිදා ලංකාදීප පුවත්පත පවසනවා. එය මාසයකට කෝටි 180කට නොවැඩි මුදලක් බවයි පවසන්නේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා සදහන් කර ඇත්තේ එක් PCR පරීක්ෂණයක් සදහා රුපියල් 6000ක මුදලක් වැය වන බවයි. රසායනාගාර සහයකයන්ගේ සෞඛ්‍ය පහසුකම් මීට අදාල නැති බවයි ඔහු සදහන් කරන්නේ.





මේ අතර රසායන විද්‍යාඥ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා සදහන් කරන්නේ රසායනාගාර සහයකයන්ගේ පහසුකම්ද ඇතුලත්ව එය රුපියල් 10000ක් පමණ වන බවයි.

මේ වනවිට දිනකට PCR පරීක්ෂණ 10000ක් පමණ සිදුකරන අතර ඒ සදහා දිනකට රුපියල් දශලක්ෂයක් පමණ වැයවෙයි.එය මාසයකට රුපියල් කෝටි 300කට අධික වියදමකි.

උපුටාගැනීම ඉරිදා ලංකාදීප

2020 November 08



No comments