Header Ads



ගෙදරදීම Chilli Paste හදාගමුද

 


🌶️🌶️ චිලි පේස්ට් එකක් කියන්නේ රයිස් එකක් ගන්නකොට ඔයාට අනිවාර්යයෙන් හම්බෙන කෑමක්.. ඉතින් ගෙදර කෑම වේලටත් චිලි පේස්ට් ටිකක් හදාගෙන තියාගත්තොත් නරකම නෑ නේද... අද අපි කියන්න හදන්නේ චිලි පේස්ට් හදන්නේ කොහොමද කියලා..


🔴 අවශ්‍ය ද්‍රව්‍ය

🌶️සුදු ලූනු
🌶️ලූනු
🌶️කරපිංචා
🌶️කෑලි මිරිස්
🌶️ඉගුරු
🌶️සෝයා සෝස්
🌶️තක්කාලි සෝස්
🌶️කූනිස්සො (කෑලි මිරිස් වල ප්‍රමානයටම)
🌶️එලවලු තෙල්

🍀තෙල් රත් වුන භාජනයකට කපාගත්ත සුදු ලූනු,ලූනු,ඉගුරු,කරපිංචා,කූනිස්සො ටික වෙන වෙනම දාල ලස්සන රන්වන් පාටක් එනකන් බැදගන්න.
🍀ඒව තෙල් බේරෙන්න තියල නිමුනට පස්සෙ blender cup එකකට දාල blend කරගන්න.
🍀ආපහු තෙල් ටිකක් භාජනයකට දාල රත් උනාම ඒකට කෑලි මිරිස් ටික දාන්න.
🍀ඒකටම blender කරගත්ත paste එකත් දාල කලවන් කරගන්න.
🍀ලුනු,සීනි රස අනුව එකතු කරගන්න
🍀සෝයා සෝස් ,තක්කාලි සෝස් එකතු කරගන්න.
🍀අන්තිමට විනාකිරි චුට්ටක් එකතු කරගන්න.
(Chilli paste එක තෙත ගතියට ඕන නම් මුලින් තෙල් ටිකක් වැඩිපුර එකතු කරගන්න)
(හොදටම නිමුනට පස්සෙ ජීවානුහරනය කරපු වීදුරු බොතලයක දාල කල් තියාගන්න පුලුවන් )😊

🔴 තවත් මේ වගේ වැදගත් පෝස්ට් බලන්න පහලට යන්න 

🔴 ශෙයාර් කරන්නත් අමතක කරන්න එපා 😍😍

No comments