Header Ads



Personal Loan වලට බලපත්‍රලාභී බැංකුවල ණය පොලී අනුපාත | Compare Loan rates in sri lankan Banks

ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී බැංකුවල පුද්ගලික ණය පොලී අනුපාත ගැන දැනුවත්ද ..... ?


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ස්ථාවර ණය අනුපාතය කිහිප විටක්ම පහත හෙලූ අතර වර්තමානයේ එය පවතින්නේ 5.5%ක අගයකයි.බොහෝ පිරිස් මේ දිනවල අඩු වූ ණය පොලිය හේතුවෙන් අලුතෙන් ණය ලබා ගැනීමට අයදුම්පත් ඉදිරිපත් කරමින් සිටී.

ඉතින් අද අපි සොයා බලන්නේ ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යන බලපත්‍රලාභී වාණිජ හා විශේෂිත බැංකු පුදගල ඇප මත ලබා දෙන ණය සදහා වාර්ශික ණය පොලිය කෙතරම් අගයක් ගන්නේද යන්නයි.

පොලී අනුපාත ස්ථාවර හා විචල්‍ය යනුවෙන් දෙයාකාරයකට පවතින අතර ඔබ ණය ලබා ගැනීමේදී මේ පිළිබඳ අවධානය යොමු කරන්න පුලුවන්නම් හොදයි මොකද විචල්‍ය පොලී අනුපාතය ණය කාලසීමාව ඇතුලත වෙනස් වෙන නිසා.

මෙහි සදහන් සියළුම තොරතුරු බැංකු සතු වෙබ් පිටුවෙන් උපුටාගත් අතර  මූල්‍ය ආයතන වශයෙන් නිවැරදිව යාවත්කාලීන කර ඇතැයි අපි උපකල්පනය කරමු.


Bank of Ceylon - ලංකා බැංකුව (BOC)



ස්ථාවර පොලී අනුපාතය
වසර 5ක් දක්වා 9.25% ක්ද
වසර 5 සිට 10 දක්වා 10% කි.


අදාළ වෙබ් පිටුවට පිවිසීමට Click Here


Peoples Bank - මහජන බැංකුව

පොලී අනුපාතය විචල්‍ය හෝ ස්ථාවර යන්න සදහන් නොකර ඇති අතර අවම 9.5%ක්ද උපරිම 10.5%ක් ලෙසද දක්වා ඇත.


අදාළ වෙබ් පිටුවට පිවිසීමට Click here 


National Savings Bank - ජාතික ඉතිරිකිරීමේ බැංකුව (NSB)



පොලී අනුපාතය විචල්‍ය හෝ ස්ථාවර යන්න සදහන් නොකර ඇති අතර 9% සිට 10% දක්වා ඇති බව පමණක් සදහන් කර ඇත.


අදාළ වෙබ් පිටුවට පිවිසීමට Click here 



State Mortgage and Investment Bank - රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව (SMIB)


ස්ථාවර පොලී අනුපාතය රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන සදහා
වසර 7 දක්වා 10.5%
වසර 10 දක්වා 10.75%
වසර 12 දක්වා 12% ලෙසද
පුද්ගලික අංශයේ සේවකයන් සදහා වසර 5 දක්වා 10.75%
වසර 7 දක්වා 11% ක් ලෙසද
E.P.F. ණය සදහා 12.5%ක් ලෙසද දක්වා ඇත.


අදාළ වෙබ් පිටුවට පිවිසීමට Click here 

Advertisement

Regional Development Bank - ප්‍රාදේශීය සංවර්ධන බැංකුව (RDB)




පොලී අනුපාත වර්ගය සදහන් නොකර ඇති අතර
රාජ්‍ය සේවයේ හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල සේවයේ නියුතු අයට
9.75%ක්ද
අනෙක් සේවකයන්ට
වසර 5 දක්වා 13.5%ක්ද
වසර 5ට වැඩිනම් 14%ක් ලෙසද දක්වා ඇත.

අදාළ වෙබ් පිටුවට පිවිසීමට Click here 



HDFC Bank - HDFC බැංකුව




පොලී අනුපාත වර්ගය පිළිබඳ දක්වා නැති අතර වසර 5ක් දක්වා 13%ක්ද වසර 10ක් දක්වා 14%ක්ද EPF ණය සදහා 13%ක් ලෙසද දක්වා ඇත.

අදාළ වෙබ් පිටුවට පිවිසීමට Click here 


Sanasa Development Bank - සණස සංවර්ධන බැංකුව (SDB)


ස්ථාවර පොලී අනුපාතය යටතේ වසරක් දක්වා 10.0% - 11.0%ක්ද වසර 3ක් දක්වා 14%ක්ද වසර 5ක් දක්වා 15%ක් ලෙසද දක්වා ඇත.

අදාළ වෙබ් පිටුවට පිවිසීමට Click here 


Commercial Bank (Com Bank)


ස්ථාවර පොලී අනුපාතය යටතේ වසර 5ක් දක්වා ගෙවීම් කලහැකි අතර වැටුප් අනුපාතය හා ගෙවීම්කාලය ඔස්සේ පොලී අනුපාතය වෙනස් වන අතර අවම 9.5% සිට උපරිම 11.5%දක්වා විහිදී ගිය පොලී අනුපාතයක් දැකිය හැක.

අදාළ වෙබ් පිටුවට පිවිසීමට Click here 


Sampath Bank


විචල්‍ය පොලී අනුපාතය යටතේ 12%කි

අදාළ වෙබ් පිටුවට පිවිසීමට Click here 


NDB Bank


අවම 9.5%ක්ද උපරිම 11.25%ක් ලෙසද දක්වා ඇති අතර පොලී අනුපාතය විචල්‍ය හෝ ස්ථාවර යන්න දක්වා නැත.

අදාළ වෙබ් පිටුවට පිවිසීමට Click here 



Seylan Bank


වැටුප හා ගෙවීමේ කාලසීමාව මත පොලී අනුපාතය තීරණය වන අතර 8.5% සිට 12.5% දක්වා විහිදී ගිය පොලී අනුපාත දැකිය හැක.ස්ථාවර හෝ විචල්‍ය බව දක්වා නොමැත.

අදාළ වෙබ් පිටුවට පිවිසීමට  Click here 



HNB Bank


වසර 7ක් දක්වා ගෙවීම් කිරීම සදහා 9.25% සිට 11.75% දක්වා විහිදී ගිය පොලී අනුපාතයක් පවතී.පොලී අනුපාත වර්ගය පිලිබද දක්වා නැත.

අදාළ වෙබ් පිටුවට පිවිසීමට Click here 



DFCC Bank



ස්ථාවර පොලී අනුපාතය අවම 8.5%ක්ද උපරිම 11.5%ක් ලෙසද දක්වා ඇත.

අදාළ වෙබ් පිටුවට පිවිසීමට Click Here



Union Bank


විචල්‍ය පොලී අනුපාතය 13.35%කි

අදාළ වෙබ් පිටුවට පිවිසීමට Click Here 


Pan Asia Bank


විචල්‍ය පොලී අනුපාතය යටතේ වසර 3ත් 5ත් දක්වා පොලී ප්‍රතිශතය 13.45% ත් 16.45%ත් අතර ඇති බව දක්වා ඇත.

අදාළ වෙබ් පිටුවට පිවිසීමට Click Here 

මේ තොරතුරු වලින් ඔයාලා අලුත් දෙයක් දැනගත්තනම් ශෙයාර් කරන්නත් අමතක කරන්න එපා 😍😍



No comments