Header Ads



වර්තමාන ලෝකයේ ලොකුම සල්ලිකාරයෝ - World Richest Man List 2020

අද අපි සොයාබලන්නේ වර්තමානයේ සිටින ලෝකයේ ධනවත්ම මිනිස්සු දහය කවුද කියලා... එහෙනම් අපි බලමු..


1.Jeff Bezos


වත්කම ඇමරිකන් ඩොලර් බිලියන 200කි. amazon.com හි වර්තමාන ප්‍රධාන විධායක නිලධාරියා වන මොහු එහි නිර්මාතෘවරයාද වනවා.

56 වියැති මොහු 2019 ජනවාරි මාසයේදී තම බිරිඳගෙන් දික්කසාද වීමට තීරණය කරන අතර ඔහුට අයත් amazon කොටස් වලින් 25%ක් ඇය වෙත ප්‍රධානය කරනවා. වර්තමානයේ ලොව ධනවත්ම කාන්තාව ඇයයි.



2.Bill Gates


වත්කම ඇමරිකන් ඩොලර් බිලියන 125කි. 65 හැවිරිදි ඔහු Microsoft ආයතනයේ සම නිර්මාතෘවරයෙක් වන මොහු 1987දී තිස් එක්වැනි වියේ පසුවද්දී ලෝකයේ පලමු බිලියනපතියා වූවා.

වසර 2017වන තෙක් ලොව ධනවතුන් අතර පළමු තැන වැජඹුණු ඔහුගේ සමාජ සේවා සදහා දැන් වැඩි කාලයක් හා මුදලක් වැය කරනවා.වර්තමානයේ 1.3%ක් වැනි සුළු කොටස් ප්‍රමාණයක් පමණක් ඔහු සතුව පවතින අතර තමාගේ ළමුන් තිදෙනාට ඩොලර් මිලියන 10 බැගින් බෙදාදී ඉතිරි 99.96%ක ධනය ඔහුහේ සමාජසේවා ආයතනය සදහා ලැබෙන විදියට තමා ඔහුගේ අන්තිම කැමැත්ත ලියවී තිබෙන්නේ..

3.Mark Zuckerberg



වත්කම ඇමරිකන් ඩොලර් බිලියන 107ක් වන අතර වර්තමානයේ Facebook ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා මෙන්ම වැඩිම කොටස් හිමිකරුවාද ඔහුයි.36 හැවිරිදි ඔහු ගැන තව තොරතුරු අපෙ කලින් පෝස්ට් එකක තියෙනව...

4.Elon Musk



වත්කම ඇමරිකන් ඩොලර් බිලියන 103කි.වර්තමානයේ ලොව ප්‍රසිද්ධ සමාගමක් වන Tesla හා SpaceX ආයතනය වල ප්‍රධාන විධායක නිලධාරියා වන මොහු එම ආයතන වල වැඩි කොටස් හිමිකාරත්වයක් දරයි.මොහු 49වියේ පසුවෙයි.




5.Bernard Arnault



වත්කම ඇමරිකන් ඩොලර් බිලියන 87කි.සුප්‍රසිද්ධ සුඛෝපභෝගී භාණ්ඩ නිපදවන LVMH ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වන මොහු 71 හැවිරිදි වියෙහි පසුවෙයි.



6.Warren Buffett



වත්කම ඇමරිකන් ඩොලර් බිලියන 83කි.90වැනි වියෙහි පසුවන මොහු කොටස් වෙළෙඳපොළ ආයෝජනය මගින් ධනය රැස්කරගත් අයෙකි.90%ක් පමණ ඔහුගේ ධනය සමාජ සේවා ආයතනය සදහා පැවරීමට ඔහුගේ අන්තිම කැමැත්තයි.වසර 11හේ සිට ආයෝජනය සදහා යොමුවීඇති ඔහු දැනට පවතින වත්කම්වලින් 99%ක්ම උපයා ඇත්තේ වසර 50ක් වූ පසුවය.

7.Steve Ballmer



වත්කම ඇමරිකන් ඩොලර් බිලියන 81කි.64 හැවිරිදි මොහු වර්තමානයේ Microsoft ආයතනයේ කොටස් බොහෝ ප්‍රමාණයක් හිමිකරගෙන තිබෙන අතර 2000 සිට 2013 දක්වා එහි ප්‍රධාන විධායක නිලධාරියා වූයේද ඔහුයි.



8.Mukesh Ambani



වත්කම ඇමරිකන් ඩොලර් බිලියන 80කි.අසල්වැසි ඉන්දියාවේ Reliance Industries ආයතන සමූහයේ සභාපති හා ප්‍රධාන අධ්‍යක්ෂ හා ප්‍රධාන කොටස් හිමිකරුවා වන මොහු 63වන වියෙහි පසුවෙයි.ඔහු යටතේ පාලිත සමාගම් 500කට වැඩි ප්‍රමාණයක් ඇත.



9.Larry Page



වත්කම ඇමරිකන් ඩොලර් බිලියන 77කි.alphabet.lnc හී නිර්මාතෘවරයා හා හිටපු ප්‍රධාන විධායක නිලධාරියා වන මොහු 47වන වියෙහි පසුවෙයි. සුප්‍රසිද්ධ Goolge සමාගමේ සමනිර්මාතෘවරයා වන්නෙද ඔහුයි.

10.Sergey Brin



වත්කම ඇමරිකන් ඩොලර් බිලියන 75කි.Larry Page සමග Google නිර්මාණය කිරීමේ සම නිර්මාතෘවරයා වන මොහු 47වන වියෙහි පසුවෙයි.Larry හා මොහු එකම පාසලේ එකම ශ්‍රේණියේ ඉගෙන ගනිමින් සිටින විට google නිර්මාණය කිරීමට පෙළඹී ඇත.




ඉතින් ඔයාලත් මේකෙන් දැනුමක් ලබාගත්තනම් පෝස්ට් එක ශෙයාර් කරන්න අමතක කරන්න එපා..

No comments