Header Ads



අසිපත ගිලිහුනු කෝට්ටේ ව්‍යාඝ්‍රයා!

 



බත්තරමුල්ල සිට බොරැල්ල දෙසට ගමන් කරන ඔබ, මෙම ස්ථානය සිය දහස් වරක් පසුකරමින් යන්නට ඇත.

කැඩුනු කඩුවක මිට ඉහළට ඔසවාගෙන සිටින මේ පුද්ගලයා අන් කවරෙකුවත් නොව, ලක් ඉතිහාසයේ සිටි ශූර රණකාමියෙකු වූ, නම ඇසූ පමණින් සතුරා භීතියෙන් ඇළලී යවන්නට සමත්වූ කෝට්ටේ ව්‍යාඝ්‍රයා ලෙස විරුදාවලිය ලත් වීදිය බණ්ඩාරයන්ය.

මෙම ප්‍රතිමාව රාජගිරියේ පිහිටුවා වසර ගණනාවක් ගතවී ඇත. මුල් දිනවල ඉතාමත් ප්‍රෞඩ අන්දමින් තෙදවත්ව, සුරතින් කඩුවක් ලෙලවමින් සිටි මෙම ප්‍රතිමාවේ කඩුව අහිමි වි ගොස් දැන් වසර 5කට වැඩි මිස අඩු නම් නැත. අපේ රටේ අභිමානය, රටේ ඒකීයභාවය, ස්වෛරීත්වය ගැන දිවිහිමියෙන් කැපවී සිටින අපගේ රාජරාජ අමාත්‍යවරුන් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දියවන්නා පින්බිම වෙත පසුකර යන මෙම ස්ථානය තවමත් ඔවුනගේ ඇස නොගැටුනේ, ඔවුන් ගුවන් පාලමින් ගුවන්ගත වන නිසා විය යුතුයි!

වේධය කුමරු හෙවත් වීදිය බණ්ඩාර යනු කෝට්ටේ රාජධානි සමයේ සිටි අභීත සෙන්පතියෙකි. පෘතුගීසි හමුදාවට එරෙහිව ඔහු සිදු කළ සටන් නිසා ඔහු කෝට්ටේ ඉතිහාසයේ කැපීපෙනෙන චරිතයක් විය. "කෝට්ටේ ව්‍යාඝ්‍රයා" යන අනුවර්ත නාමයෙන් ද හැඳින්වූ ඔහු, දමිළයන් විසින් තිරුවැල්ලේ බණ්ඩාර ලෙස ද, පෘතුගීසීන් විසින් තිඹුලේ බණ්ඩාර ලෙස ද හඳුන්වා ඇත.

කෝට්ටේ රජ කළ 7වන බුවනෙකබාහු රජුගේ අසහාය සේනාධිපතිව සිටියේ වීදිය බණ්ඩාර ය. කෝට්ටේට ඉහළින් සිටි මායාදුන්නේ ගේ තර්ජන වලටත් පහළින් වරින් වර වූ පෘතුගිසි තර්ජන වලටත් මුහුණ දීමට බුවනෙකබාට තිබූ ප්‍රබලතම ආයුධය වීදිය බණ්ඩාර විය. වීදිය බණ්ඩාරත් ඔහුගේ සෙනෙවිවරු ඇතුලු හමුදාවත් යනු සටනටම උපන් කණ්ඩායමක් විය.

හර්ෂ මදුරංග විජේසේකරගේ ෆේස්බුක් ගිණුමෙන් උපුටාගැනීමකි 

No comments