Header Ads



J.R.ගේ පුතා හැදූ පොලිස් විශේෂ කාර්ය බළකාය S.T.F.





80 දශකය ආරම්භයත් සමග ද්‍රවිඩ ඊලාම් විමුක්ති කොටි සංවිධානය උතුරු නැගෙනහිර ද්‍රිස්ත්‍රික්කයන් වල තමන්ගේ සන්නද්ධ බලමුලු සහ සටන් ව්‍යාප්තකොටගෙන ඉදිරියට ආ අතර මෙහිදී විශේෂයෙන් ඔවුන්ගේ ඉලක්කයන් බවට උතුරු නැගෙනහිර පොලිස් ස්ථාන සහ පොලිස් නිලධාරීන් පත්විය...


 එසේම ඔවුන්ගේ සන්නද්ධ ප්‍රවාහයන් සමග ප්‍රතිවිරුද්ධව සටන් කිරීමේලා දුර්වලතාවයක් පොලිස් දෙපාර්තමේන්තුව වෙතින් බිහිවීම හේතුකොට ගෙන  ඇතැම් ltte ප්‍රහාර හමුවේ පොලිස් නිලධාරීන් පලා යාමද බිහිසුණු ලෙස ඝාතනය වීමද ආරම්භවිය ( මෙයට ප්‍රධානතම හේතුව එල්ටීටීඊය වෙත මහජන සහය පලවීමයි) . මෙම තත්වය හමුවේ යුද්ධ හමුදාවට පොලිස් ස්ථාන ආරක්ෂා කිරීම පැවරුනත් සිවිල් පොලිස් නිළදාරීන් සහ හමුදා සාමාජිකයන් අතර තිබූ ඇතැම් මත ගැටුම් හේතුවෙන් එම ක්‍රියාවලිය සහසුද්දෙන්ම සිදුනොවන බවද ඉහල නිළදාරින් වෙතට වැටහී තිබුනි... 


මේ අනුව පොලිස් දෙපාර්තමේන්තුව වෙත වඩාත් පුහුණුව ලැබූ සහ ප්‍රභල අනු ඛන්ඩයක් සැකසීමේ බාරදූර වගකීම ජේ ආර් ජයවර්ධන ජනපති තුමන්ගේ පුත් රවී ජයවර්ධන මහතා තම දෙඅතට ගැනීම අද අප නිතර අසනා දකිනා පොලිස් විශේෂ කාර්‍යබලකායේ මූලාරම්භය විය..  මෙම කාර්ය සිදුකිරීමේදී මහත් වෙහෙසක් සහ ඉතාමත් තීක්ෂණ බුද්ධියක් යෙදවූ රවී ජයවර්ධන මහතා 1983 වසරේ පෙබරවාරි 21 වන දින මහා බ්‍රිතාන්‍යය කීනිමිනි සන්නද්ධ අංශයේ ( kms) කර්නල් ජිම් ජොන්සන් සම්බන්ධ කොටගත් අතර ඇතිවූ එකඟතාවක් මත කීනිමිනි සන්නද්ධ අංශයේ පුහුණුකරුවෝ අටදෙනෙකු මෙරටට රහසිගතව ගෙන්වා ගන්නා ලදි... 


මෙහිදී පොලිස් දෙපාර්තමේන්තුව මගින්ම තෝරාගත් දක්ශ භටයන් දෙසිය දෙනෙකු සමගින් කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා පුහුනු මධ්‍යස්ථානය ඇරඹූ අතර සාමාන්‍ය පොලිස් නිලධාරීන් පුහුණු කිරීමේ ක්‍රමෝපායන්ගෙන් ඈත්ව දිගු දුර මෙහෙයුම් අවි රහිත සටන් සහ ඉතා දුශ්කර සටන් සදහා මෙම සෙබලුන් පුරා මස හයක් පුහුණුකරවමින් සිටි අතර ඔවුන් සදහා සාමාන්‍ය රිවෝලර වෙනුවට මිලිමීටර් නවය පිස්තෝල සහ පෞද්ගලික අවිය ලෙස m16 අවිය ලබා දෙන ලදි... විශේෂයෙන් ආත්ම ශක්තිය වැඩවීම සදහා වෙනස්ම ආකාරයේ නිළඇදුමක්ද මොවුන් වෙනුවෙන්ම නිර්මාණය විය... ඒ අනුව සියල්ල නිමවා 1984 වසරේ ශ්‍රීලංකා පොලිස් දෙපාර්තමේන්තුව යටතේ පොලිස් විශේෂ කාර්ය බලකාය පිහිටවන්නට කටයුතු කෙරින... 


වඩාත් දැඩි විනයකින් සහ ලබා දෙන්නාවූ කාර්‍ය යහසුලුව සහ වගකීමෙන් සිදුකිරීමට එකී පුහුණුව ලැබූවෝ තම ප්‍රතම ආරක්ෂක රාජකාරි ලෙස මඩකලපුව දිස්ත්‍රික් ආරක්ෂක රාජකාරි තමන් වෙතට නතු කරගන්නේ 1984 වසරේ ජුනි මසය....


ඉතා කුඩාකාලයක් මත තම ශක්තිය වර්ධනය කොට ගත් විශේෂ බලකා භටයන් 1984 වසරේ ඔක්තෝබර් මස 05 වන දින එවකට යුද්ධ හමුදාව සතුව තිබූ කල්ලඩි යුද්ධ හමුදා කදවුර තම රාජකාරි සදහා පවරාගත් අතර එම කාලයේ ඇතැමුන් " එය පූසන්ට කඳවුරක් බාර දුන්නා යැයි" උපහාසාත්මකව හැදින් විය...

විශේෂ කාර්ය බලකාය ආරම්භ කල මුල් අවදියේ මෙම උපහාසාත්මක තත්වය ප්‍රභලව නැගුනු අතර බොහෝ අන් ආරක්ෂක සාමාජිකයන් ඔවුන් සාමාන්‍ය පොලිස් නිලධාරීන් ගනයේ ලා හෝ හදුනානොගත් රජයට සහය දක්වන සන්නද්ධ කල්ලියක් පමණක් ලෙසද හදුන්වාගෙන තිබින... 


එහෙත් ප්‍රථම අණදෙන නිළදාරි ෂර්නි විජේසූරිය මහතාගේ නායකත්වයෙන් හෙබි මෙම බලකාය ඉතාමත් කෙටි දිනෙකින් නැගෙනහිර කොටි බලය වෙව්ලා යැවීමට තරම් බිහිසුනු බලපරාක්‍රමයන්ට යොමු විය...


ඉන්පසු මන්නාරම අනුරාධපුර වවුනියා යන පෙදෙස් වලටද ඉක්මනින් සංක්‍රමණය වූ මොවුන් මායිම් ගම්මාන වැසියන් ආරක්ෂා කරමින් දේශය වෙනුවෙන් අපරිමිත සේවයක් ඉටුකල අතර මේ අතරම මොවුන් හා 1984 අග භාගය වෙනතෙක්ම kms බ්‍රිතාන්‍යය නිලධාරීන්ද මෙහෙයුම් සදහා සම්න්ධ වීම විශේෂත්වයකි... මෙම kms බ්‍රිතාන්‍ය සන්නද්ධ සාමාජිකයන් පසුකලෙක යුද්ධ අපරාධ ද්‍රවිඩ වැසියන්ට එරෙහිව සිදුකිරීම සහ වඳ වී යාමේ තර්ජනයට මුහුණ දුන් සතුන් බහුල වශයෙන් විනෝදයට සහ ආහාර පිනිස ඝාතනය කිරීම් පසුව අනාවරණය වූ අතර කෙටිකලෙකින් ඔවුන් යලි මෙරටින් පිටමං කරවන ලදි.


පසුකලෙක එල්ටීටීඊ සංවිධානය සමග මුහුණට මුහුණලා සටන් කිරීමට තරම් ප්‍රභලත්වයකින් හෙබි පොලිස් විශේෂ කාර්ය බලකායට එවන් මෙහෙයුම් අටක් ලැබුනු අතර එම මෙහෙයුම් අටම ඉතාමත් වගකීමෙන් ලක් මාතාව වෙනුවෙන් ජයග්‍රහණය කරවීමට ඔවුනට හැකිවිය... එහෙත් කනගාටුවට කරුන නම් පොලිස් විශේෂ කාර්ය බලකාය ගතව ගිය ඊලාම් යුද්ධය තුල කල කැපකිරීම් ජීවිත පූජාවන් පිලිබද වර්ථමානයේ බොහෝ තැන්වල කතිකාවත් තුලින් සැඟව යාමයි... නැතහොත් හිතාමතාම නොසලකා හැරීමයි... සෙසු ආරක්ෂක කන්ඩායම් වල එවන් දත්තයන් පහසුවෙන් ලබා ගත හැකි වුවද stf හි එකී කැපකිරීම් බොහෝවිට ඇත්තේ සීමිත මූලාශ්‍රයන් කිහිපයක පමණි...


තිස් අවුරුදු යුද්ධය අවසන් වීමෙන් පසු සන්නද්ධ යුද්ධ හමුදාවෝ තම ප්‍රධාන මෙහෙයුම් ජාලාවෙන් ඉවත්ව ආරක්ෂක රාජකාරි සිදුකිරීමට කටයුතු කල අතර සිවිල් වැසියන් හා මුසු වෙමින් සිදුවූ නොඑක් නීතිවිරෝධී මෙන්ම ත්‍රස්තවාදී ක්‍රියා මැඩලීමට stf වෙත දැවැන්ත වගකීමක් පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත පැවරින...




මේ වන විට ප්‍රභූ ආරක්ෂක කටයුතු , බෝම්බ නිශ්ක්‍රීය රාජකාරි  ,ක්‍රීඩා ,මත් කුඩු සහ නීතිවිරෝධී මත් පැන් වැටලීම් වැනි මෙහෙයුම් බොහෝමයකින් විශේෂ කාර්ය බලකාය විහිදී ඇත...


එසේම නිළ සුනඛ අංශය කාන්තා අංශය ක්‍රීඩා සහ ප්‍රභූ ආරක්ෂක අංශය සංස්කෘතික සහ තූර්යවාදන අංශයන් ගෙන් ඔවුන් පොහොසත් ය.  


 විශේෂයෙන් මෑත කාලයේ සිදුවූ ඉස්ලාම් අන්තවාදී ප්‍රහාරය හමුවේ බෝම්බ සොයා ගැනීම සහ ත්‍රස්තවාදීන් කොටුකරගැනීම වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් නිරන්තරයෙන් මහජන පැසසුම් ලබන්නටද විය...  

පාස්කු ප්‍රහාරයේ මෙහෙයුම අතරතුර


"නියතයි ජය" උදාන පාඨය යටතේ දේශය වෙනුවෙන් තම වගකීම උපරිමයෙන් ඉටුකරමින් මහජන ආරක්ෂාව පිලිබදව කැපවෙමින් වර්ථමානයේද  විශිෂ්ඨ ලෙස ඔවුන් රාජකාරි සිදුකරනා අතර පහත ඔබට  දැක්වෙන්නේ 1984 වසරේ එහි මුල්ම සාමාජිකයන් කිහිපදෙනෙකු කීනමින් ( kms ) බ්‍රිතාන්‍යය පුහුණුකරුවන් සමගින් මඩකලපු දිස්ත්‍රික්කයේ මෙහෙයුම් වල යෙදුනු අතරවාරයේ ලබා ගත් දුර්ලභ ජායාරූපය ද්විත්වයකි..





(විශේෂ ස්තූතිය සහකාර පොලිස් අධිකාරී ආර් එම් විමලරත්න මහතාට)


සටහන චරිත් පරණවිතාන

No comments